සජිත් කැකිරාවේ දී තවත් සුහුරු පන්ති කාමරයක් ලබා දෙයි
කුහක වෙන්න එපා. යමෙක් මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහයෝගය ලබා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මේ වන විට රට අමාරු තැනක පවතින බවත් දේශීය විදේශීය ණය ඇ. ඩොලර් බිලියන 90 ක් ඇති බවත් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට සිදුවන්නේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රතිපත්තියක් තුළින් මෙන්ම තොරතුරු තාක්ෂණ අපනයන හා සෘජු විදේශ ආයෝජන ලබා ගෙන බවත් දේශපාලන කුහකත්වයෙන් තොරව මේ ප්‍රතිපත්ති මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසි ය.
යමෙක් රටට දේශයට මාතෘභූමියට අගයක් එකතු කරන විට එයට සහයෝගය ලබා දීමට සැවොම එකා මෙන් එකට එකතු විය යුතු බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ කර්මාන්තශාලා ගිණිතියන්න එවක කුහක දේශපාලනයේ නිරත පිරිස කටයුතු කළත් අද එම කර්මාන්ත ශාලා ලංකාවේ ආර්ථිකයේ හදවත බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ (19) අනුරාධපුර කැකිරාව බස්තියන් ද සිල්වා මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 106 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
රටක් ලෙස ගොඩ ඒමට නිෂ්පාදන ධාරිතාව වැඩි කළ යුතු බවත් රුපියල් හා ඩොලර් ගැටලුවට විසදුම් ලබා දිය යුතු බවත් ඒ සදහා සුපුරුදු රාමුවෙන් පිටපැන අලුතින් සිතිය යුතු බවත් නිර්මාණශීලි විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කීයේ ය.
