උණුසුම් පුවත්ක්‍රීඩා

සුලෝහිත සංග්‍රාමයේ 94 බලන්න ජනාධිපති ගිහින්

ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අභියෝග ශූරතා කසලානයට හටනේ යෙදෙන ආනන්ද - නාලන්ද ක්රිකට් තරගය නරඹන්නට ගිහින් විදුහලපත් දෙපොළගෙන් ජනපතිට ත්ළිණයක්....!!!!

ආනන්ද  සහ නාලන්දා විද්‍යාල අතර කොළඹ SSC පිටියේ දී පැවැත්වෙන 94 වැනි සුලෝහිත සංග්‍රාමයවාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද (03) පස්වරුවේ එක් විය.

දිවංගත ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග ශූරතා කුසලානය වෙනුවෙන් සුලෝහිත සංග්‍රාමයමහා ක්‍රිකට් තරඟය මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වෙන අතර එහි අවසන් දිනය අදයි.

සිසුන් දිරිමත් කරමින් තරගය නැරඹීමට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරගය නැරඹීමට පැමිණ සිටි පිරිස සමඟ ද සුහද කථා බහක නිරත විය.ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක සහ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චමිපික ද සිල්වා යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.