උණුසුම් පුවත්

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වැඩවර්ජනයට සූදානමින්

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (16) පෙරවරු 6.30 සිට ඒකාබද්ධ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට සූදානමින් සිටිනවා

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි

වෛද්‍යවරුන්ට ලබා දීමට තීරණය කර ඇති දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් අදාළ වෘත්තීය සමිති එක්ව මෙම පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් සියලු ළමා රෝහල්, අපේක්ෂා රෝහල, මාතෘ රෝහල් මෙන්ම වකුගඩු රෝහල් ඇතුළු රෝහල්වල අත්‍යාවශ්‍ය සේවා පමණක් සැපයීමට කටයුතු කෙරෙන බව සඳහන්