උණුසුම් පුවත්

හෙද සේවයේ කඩිනම් බඳවා ගැනීම් සිදු කරන්න -සජිත් ප්‍රේමදාස

අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කරයි

2019, 2020 වසරවල අ.පොස. උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව හා ගණිත අංශයෙන් පෙනී සිටි සිසුන්ව හෙද සේවාවට බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රය 2023.09.15 වැනි දින නිකුත් කිරීමෙන් පසු දැන්ට 3100ක් බඳවා ගෙන ඇති බවත් තවත් 3863ක් බඳවා ගැනීමේ පොරොත්තු ලේඛනයේ ඇති මුත් බඳවා ගැනීමක් සිදු නොවූ බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී හෙද සේවයේ පුරප්පාඩු සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

හෙද සේවාව යනු රෝග ප්‍රතිකාර සහ නිවාරණ යන ක්ෂේත්‍ර දෙකටම වැදගත් සේවාවක් බවත් 45-000ක හෙද හිඟයක් මෙරට තුළ ඇති මොහොතක මෙම හෙද නිලධාරීන් කඩිනමින් බඳවා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.