ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

හේමසිරි ෆ්‍රනාන්දුටත් මරණ දඩුවම!

ඒ තීන්දුවත් බෙදුණු එකක්

ප්‍රමාණවත් තරම් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගන්නට කටයුතු නොකිරීම පිළිබඳ ව චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ෆ්‍රනාන්දු මහතාට ද කොළඹ ස්ථිර මහාධිකරණය විසින්  මරණීය දණ්ඩනය අද (31) සඳෑවේ  නියම කරන ලදි. ඒ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් 3 ට දෙකක් සේ බෙදුණු තීන්දුවක් පරිදි ය.

නීතිපතිවරයා විසින් ජයසුන්දර මහතාට හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ෆ්‍රනාන්දු මහතාට එරෙහිව නඟා ඇති අධිචෝදනා පත්‍රයෙහි චෝදනා 255 ක් ඉදිරිපත් කර තිබුණි. එයින් එක චෝදනාවකට හැර සෙසු චෝදනා 254 ට ම ඔහුද වැරදිකරු බව යි ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර නිගමනය සේ ප්‍රකාශයට පත් කරනු ලැබිණි   මෙම නඩු විභාගයේ ස්ථිර විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ හා තිලකරත්න බණ්ඩාර මහත්වරුන් තීන්දු කරන ලද අතර එහි සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා වෙනත් ප්‍රකාශ කරන ලද්දේ වෙනත් තීරණයකි.
සුලුතර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු විරාජ් විරසූරිය මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති හෙයින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නේ යැ යි ප්‍රකාශ කරන ලදි..
බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ ''පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන රාජකාරිය නොකර හැරීම හේතුවෙන් පුද්ගලයින් 268 දෙනෙකු මරණයට පත් වී තවත් පුද්ගලයින් 586 දෙනෙකුත් තුවාල ලබා තිබෙනවා. අදාල කාලය තුළ රටේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළේ මේ විත්තිකරු. පුරවැසියන් ආරක්ෂා කර ගැනීමේ සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහු වෙතයි. නමුත් 2019 වසරේ අප්‍රේල් මස 20 වනදා සවස එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් පාස්කු ඉර්දින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන, සංචාරක හෝටල් වලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු මෙම විත්තිකරු වෙත ලබාදී තිබුණා. එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. අපරාධ වළක්වා ගැනීම සඳහා රාජ්‍යය විසින් පත්කළ නිලධාරියා වශයෙන් ඔහු තමන්ගේ වගකීම් පැහැර තිබෙනවා" යනුවෙන් සඳහන් කළ බහුතර විනිසුරු මඩුල්ල විත්තිකරු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දඬුවම පමුණුවමින් කරන ලද තීන්දුව එයාකාරයෙන් ම සේ දක්වමින් ෆ්‍රනාන්දු මහතා සිදුකර තිබෙන වරදේ ස්වභාවය සැලකිල්ලට ගෙන ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවත් පමුණු වන බව සඳහන් කරන ලදි.
සුලුතර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු විරාජ් විරසූරිය විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස් කොට නිදහස් කරන බවත් නිවේදනය කළා.නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනාට අධිචෝදනා 255 ක් නඟා තිබුණි. එයින් එක් චෝදනාවක් හැර අනෙක් සියලු චෝදනාවලට ඔවුන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ෆ්‍රනාන්දු මහතා ද නිදොස් කොට නිදහස් කරන බව පැවසී ය.