ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන පූජිත් ජයසුන්දරට මරණීය දණ්ඬනය 2026-07-310 තීන්දුව 2/3 ක බෙදීමක් සහිත යි ප්‍රමාණවත් තරම් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගන්නට කටයුතු නොකිරීම පිළිබඳ ව චෝදනාවලට වැරදිකරු කරමින් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට මරණීය දණ්ඩනය අද (31) සවස කොළඹ ස්ථිර මහාධිකරණය විසින් නියම කරන ලදි. ඒ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් 3 ට දෙකක් සේ බෙදුණු තීන්දුවක් පරිදි ය. ණීතිපතිවරයා විසින් ජයසුන්දර මහතාට හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ෆ්‍රනාන්දු මහතාට එරෙහිව නඟා ඇති අධිචෝදනා පත්‍රයෙහි චෝදනා 255 ක් ඉදිරිපත් කර තිබුණි. එයින එක චෝදනාවකට හැර සෙසු චෝදනා 254 ට ම හේ වැරදිකරු බව යි මෙම නඩු විභාගයේ ස්ථිර විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ හා තිලකරත්න බණ්ඩාර මහත්වරුන් තීන්දු කරන ලද අතර එහි සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා වෙනත් ප්‍රකාශ කරන ලද්දේ වෙනත් තීරණයකි. සුලුතර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු විරාජ් විරසූරිය මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති හෙයින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නේ යැ යි ප්‍රකාශ කරන ලදි.. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article දේශපාලනඥයකු මෙන් කතා කරන කර්දිනල්වරයා Next Article හේමසිරි ෆ්රනාන්දුටත් මරණ දඩුවම!