උණුසුම් පුවත්කාලීනසාහිත්‍යය හා කලාව ළමා පොතක් 2026-09-160 කලා භූෂණ රාජ්‍ය සමිමාන ලාභී ගුණසේකර අධිකාරි මහතා දිගුකලක සිට විදුහල්පතිවරයෙක් ලෙස ළමා ලෝකය සමග සමීපව සිටි අයෙකි.ඔහු ළමා සිතුමි පැතුමි මනාව ස්පර්ශ කර ඇත. ඔහුගේ ළම කතා රැසක් සමිමානයට පාත්‍ර වූයේ එබැවිනි. සැවුල් පැංචාගේ කතා වස්තුව ළමා කතාවක් උවත් එයින් දෙන පනිවිඩය පුබලය. ඔහු ව්‍යංගාර්ථයෙන් කියනදේ වැඩිහිටි පරපුරටද වලංගුය. ඔහුගේ භාෂාවෙි රසවත් බවත්, කුතුහලයත් තුළින් දරුවාට කතා රසය තීව්‍ර කරලයි. නායකයකුට මතුවී ඒමට ඇති වපසරිය කෙතරමි ගැටළුකාරීද යන්න සැවුල් පැංචාගේ කතා වස්තුව අපට කියා පායි. මෙතුළින් දරුවාගේ කියවීමෙි සාපිපාසාව හා අත්දැකීම් සමිබාරය ඔහුට මනාව උකහා ගැනීමට හැකිය. මෙය සැවුල් පැංචාගේ කතාවස්තුවම පමණක් නොව වත්මන් ළමා පරපුරේ ද කතාවස්තුව යයි මට සිතේ. රෝහිත කුමාර අධිකාරි, විදුහල්පති, කු/වාරියපොල ජාතික පාසල Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article පරිවාසෙට ගිය ආදරය Next Article අපූරු වැඩක්