උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

පරිවාසෙට ගිය ආදරය

මුහුණු පොතෙන් හමුවුණු පෙම්වතිය බලන්න ඉන්දියාවෙන් ආ පෙම්වතා ගේ කඳුළු කතාව

මුහුණු පොතෙන් හඳුනාගත් ශ්‍රී ලාංකික පෙම්වතිය හමුවීම සඳහා ඉන්දියාවේ රාමේශ්වරම් හි සිට නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් පැමිණි ඉන්දීය ජාතික 17 හැවිරිදි තරුණයකු තලෙයිමන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි..

අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතික තරුණයා ළඟ තිබී ඔහු මුහුණු පොතෙන් හඳුනාගත් පෙම්වතියගේ ඡායාරූපයක් සහ ඇය එවා තිබූ පෙම් හසුනක් ද ඉන්දීය මුදල් රුපියල් 280 ක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි තලෙයිමන්නාරම පොලිසිය පවසයි..

පෙම් තබඳතාවය පවත්වා ගෙන ගිය තරුණිය තමා හමුවීමට ශ්‍රී ලංකාවට එන ලෙස ඉල්ලීමක් කොට තිබු බැවින් තමා ශ්‍රී ලංකාවට පැමිණි බවත් රාමේෂ්වරම් සිට බෝට්ටුවකින් පැමිණීමට බෝට්ටුකරු ඉල්ලා සිටි මුදල තමා අත නොතිබු නිසා තමා පැලඳ සිටි රන් මාලය බෝට්ටුකරුට දුන් බව ද මේ පරුණ පෙම්වතා පොලිසියට පවසා ඇත.

මන්නාරම තම්මැන්නා නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා යාත්‍රාවකින් මුර සංචාරයේ යෙදී සිටිය දී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව දක්වා වැටී ඇති වැලිපර සමූහයේ එක් වැලිපරයක සිටි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලිසියට බාරදී ඇත.

බෝට්ටුව පදවා ගෙන ආ පුද්ගලයා මොහු වැලිපරයක බස්සවා ආපසු ඉන්දියාවට පළාගොස් ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

තම පෙම්වතිය කිලිනොච්චියේ මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචි කාරියක් බව ද පවසා ඇති මේ තරුණයා ගැන සියලු තොරතුරු පොලිසිය විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී ඇත.

පොලිස් අත්අඩංගුවට පත් මේ ඉන්දීය ජාතික තරුණයා පොලිසිය විසින් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද්දේ ඔහු පරිවාස භාරයට පත්කරන ලෙසයි.

ඡායාරූපය - මුහුණු පොතෙහි ''සුපෙම් සුවඳක් අරන් හි සිතුවමයි