59 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ මේවන විට නව තරඟ වාර්තා දෙකක්
59 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (22) ආරම්භ විය.
මෙහි සමාරම්භක උළෙල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් හරේන්ද්‍ර පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙවර 59 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා උළෙල සදහා රෙජිමේන්තු 21ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 575 තරඟ ඉසව් 26ක් යටතේ තරඟ බමට පිවිසෙති.
ක්‍රීඩා උලෙලේ පළමු දිනයවන අද දිනයේ දී නව තරඟ වාර්තා දෙකක් පිහිටුවීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.
ඒ තොරතුරු පහත පරිදිය.
01. 4 x 100 (කාන්නා) - ශ්‍රීලංකා යුද්ධ හමුදා සංඥා බලකාය - තත්පර 47.27 ( සංඥා සෙබළ මුතුකුමාර ටී.ඒ, සංඥා සෙබළ ශාෆියා එම්.වයි.එෆ්, සංඥා සෙබළ අබෙරත්න ඒ.පී.එම්.එස්.කේ , ලාන්ස් කෝප්‍රල් ද සිල්වා ඩී.ටී.ඒ)
මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට හිමිවූ අතර තෙවැනි ස්ථානය යුද්ධ හමුදා සේවා බලකායට හිමි විය.
02. 10000m (කාන්තා) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කන්තා බලකායේ කාන්තා සෙබළ විජේසූරිය ඩබ්.ඒ.එම්.ආර් - විනාඩි 35.01.91