උණුසුම් පුවත්

ජීවන වියදම් විවාදය

ඇමතිවරු සුපුරුදු සෙල්ලමේ – විපක්ෂ නායක

වැට් එක ගහල ප්ලැට් වෙලා ඉන්න රටේ ඇමතිවරු සුපුරුදු සෙල්ලමේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද උදේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (11) උදේ ඇරඹුණු අවස්ථාවේ දී ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ජීවන වියදම ඉහළ යාම සහ මන්දපෝෂණ තත්ත්වය වළක්වා ගැනීම සඳහා වූ අද පැවති විවාදයේ දී අදහස් පළකරමිනි.

රජයේ සංඛ්‍යාලේඛන අනුව රටේ ගෘහයන්ගෙන් 60% ක ආදායම අඩු වී සියයට 91 කගේ වියදම් වැඩි වී ඇති බවත් ආර්ථික බංකොලොත්භාවය නිසා 22%  ක් ගෘහයන් ණය බරතාවයෙන් පෙළෙන කොට පාසල් යන වයස අවුරුදු 3 සිට 21 දක්වා සිසු පරපුරෙන් 54.9% ක් ආර්ථික බංකොලොත්භාවය තුළ දැවැන්ත හානියකට ලක්වන විට ජනගහනයෙන් 7% ක් සුපුරුදු පරිදි සිය සෞඛ්‍ය සේවා වෙනස් කරන කොට රට තුළ සෝචනීය ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.

මේ තත්ත්වයෙන් රට බංකොලොත් කළ කණ්ඩායමට නිවැරදි ආකාරයෙන් රට නැවත ගොඩ ගත හැකිද නැද්ද කියා පසුගිය දිනක මුහුද මැද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වරාය අධිකාරියේ යාත්‍රා උපයෝගී කර ගෙන දැමූ සාදය තුළින් පෙනී යන බවත් රටේ ජනතාව හාමතේ ඉන්න කොට රටේ ජනතාගේ බදු මුදල් උපයෝගී කර ගෙන මුහුද මැද මත්පැන සාද දමන නින්දිත රාජ්‍ය පාලනයක් රට තුළ තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් වංචාව ඇතුළු මේ රටේ බෙහෙත්වලින් හොරා කෑ දේශපාලනඥයන් සහ නිලධාරීන් පිළිබඳ විභාගයක් කර ගෙන ගියත් එම හොරකමට සම්බන්ධ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සහ ඒ කණ්ඩායම රකින්න පාර්ලිමේන්තුවේ 113 දෙනකු අත ඉස්සු බවත් මෙම 113 දෙනාම දේශදේ‍රා්හී ජනතා දේ‍රා්හී රාජදේ‍රා්හී පුද්ගලයන් බවත් ඔවුන්ද හොරකම වෙනුවෙන් පෙනී සිටි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

2020 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අයි.එම්.එෆ්. ලබ දුන් ඩොලර් මිලියන 100 ප්‍රතික්ෂේප කරන විට බන්දුල ගුණවර්ධන කටපියන් සිටියත් දැන් අයි. එම්. එෆ්. එක කියන විදිහට යන්න කියන්නේ වස්ත්‍රයක් ඇදගෙන ද කියා අහන බවත් වත්මන් ආණ්ඩුව අයි. එම්. එෆ්. එක පෙරටු කර ගෙන ජනතාවට කළ හැකි නින්දිත දේවල් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී  සිය අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ය.