උණුසුම් පුවත්

බඩු මිල අහස උසට නගිද්දි ඇමතිවරු රටේ සල්ලිවලින් මුහුද මැද පාටි දාලා

ජනවාරි මාසයේ පාසල් දූදරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර අවලංගු කර ඇති මොහොතක වැට් බදු නිසා ජනතාව විවිධ තාඩන පීඩනවලට ලක් ව ඇති මොහොතක පාර්ලිමේන්තුවේ රජයට සම්බන්ධ මැති ඇමතිවරු පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ වරාය අධිකාරියට අයිති හංසකාව සහ දියකොවුලා නැමැති යාත්‍රා 02ක උපයෝගී කර ගෙන මීට දින 2කට පෙර මුහුද මැද සාදයක් දමා ඇති බවත් මේ සඳහා වරාය විෂය සම්බන්ධ අමාත්‍යවරයකු විසින් ලිඛිත අවසර පවා ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

රට බංකොලොත් වී ඇති මොහොතක මත්පැන්, මෙන්ම වරායේ ආපන ශාලාවෙන් පවා කෑම ලබා ගෙන රටට අයිති නාවුක යාත්‍රා භාවිත කර ඉන්ධන වැයකර මුහුද මැද සාද දැමීම සිදු කළ හැකි ද කියා ගැටලුවක් පවතින බවත් මෙම සාදය ඇමතිවරුන්ගේ පෞද්ගලික වියදමින් පැවැත්වීම ගැටලුවක් නොවුවත් රජයට අයත් සම්පත් උපයෝගී කර ගෙන මෙවැනි සාද දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මෙම සාදය සඳහා රතු පලස් පවා භාවිත කර ඇති බවත් ජනතාවගේ මුදල් මෙසේ වැය කර සාද දැමීම සම්බන්ධයෙන් තමාගේ විරෝධය පළ කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී සඳහන් කළේ ය.

මෙම සාදය සඳහා රතු පලස් පවා භාවිත කර ඇති බවත් ජනතාවගේ මුදල් මෙසේ වැය කර සාද දැමීම සම්බන්ධයෙන් තමාගේ විරෝධය පළ කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.