උණුසුම් පුවත්

කට්ටි පනින මේ ට්‍රිබල ගැන නිවැරදි ඔත්තුවකට පොලිසියෙන් තෑගි දෙනව ලු

පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් ගැන පොලිසියට කියන්න - පොලිස් මාධ්ය අංශය

අධිවේගී මාර්ගයේ බෙලිඅත්තේ කහවත්ත පිවිසුමට නුදුරේ දී 2024. 01. 22 දින උදේ පුද්ගලයන් පස් දෙනකුට වෙඩි තබා ළඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මහජන සහය පතයි.

එදා පටන් මොවුන් තිදෙනා පෙලිසියට වැලිගසා කට්ටි පනිමින් සිටින අතර මොවුන් ගැන නිවැරදි තොරතුරු සපයන්නට හැකි කෙනෙකු වෙතොත් ඔත්තුව දෙන පුද්ගලයාගේ රහස්‍ය භාවය සුරකිමින් මුදල් තෑගි පිරි නැමීම ද සිදු කරන්නා බව පොලසිය කියයි.

මොවුන් තිදෙනාගෙන් එක් අයකු අම්බලන්ගොඩ පොලිස් වසමේ කහව ්‍රදේශයේ පදිංචිව සිටින අයෙකි. හේ නමින් මහගමගේ දිනේෂ් ප්‍රියංකර නොහොත් චූටියා යි. දිනේෂ් ප්‍රදීප් ජයසේකර නමින් ද මේ සැකකරු හැඳින්වෙන බව පොලිසිය කියයි. ඔහුගේ ජාතික හැඳූම්පත් අංකය 892362890V

නානායක්කාර අගරගේ නිශාන්ත සමන් කුමාර ඩයස් kue;s අංක 80, යාය 04, තඹුත්තේගම/ අංක 84, ගල්පාත, අගුරුවැල්ල මොහුගේ ජාතික හැඳුනුම් පත් අංකය -  740744330V

පොලිසියට අවශ්‍යව සිටින අනෙක් සැකකරුවා රන්මුනි මහේෂ් හේමන්ත සිල්වා නමැත්තෙකි. ඔහු ඌරගහ පොලිස් වසමේ මාකන්දන අංක 107/බී, පුවක්ගහවත්තේ පදිංචිකරුවෙකි.   ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය -  832190942V

මේ සැකකරුවන් තිදෙනා ම ගම්බිම්  අතහැර පළාගොසිනි. සැකකරුවන් පිළිබඳව දන්නා යම් තොරතුරක් වෙතොත් යට දැක්වෙන  දුරකථන අංක අමතා දැනුම් දෙන සේ පොලිසිය මහජනයා ගෙන් ඉල්ලයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී" තංගල්ල කොට්ඨාසය - 0718591488

ස්ථානාධිපති ,පොලිස් ස්ථානය, බෙලිත්ත -  0718591497

පොලිස් මාධ්‍ය අංශය