ඇත්ත නොකියා කොහොම ද කිරිල්ලියේ
දැක ඔබැ නෙත් හරඹ
තුටින් ඇලලී ගියා මහිත
සුන්දරය ඇස් බැල්ම
ඔබැ නෙත් කියයි පනිවිඩ
මා දෙසටම හැරෙන දෙඇස
හිනාවෙනු දකිමි දිගැසිය
ලියන්න ට සිහිවටන
ඉඩක් මට නොමැතිය
දිගු අතැඟිලි මත
තබන්නට මා අත
හැකිවුනත් ගැටලුය
ඔබ මහද පැටලීය
අසරණ සිතුවිලි ය
දුර දිග බලමි මිහිරිය
පෙම් වදන් ගොලුය
ඇය මතකෙට ඒය
හදවත සෙමෙන් නිවේ
ලස්සන පැතුම් මැවේ
තනිවුනත් හැඟුම් ලොවේ
මා තනිකඩයෙක් නොවේ
#රඹුක්කනකීර්තිඑස්