නුරා බැල්මෙන් අවුලුවා හද
රැයේ කළුවර මකන දෙව්දුව
ඔබයි සදවතියේ
දුරින් හිඳ මා බලා ඉන්නම්
ඉතින් සුහදනියේ
නෙත් කැල්මන් වැදී මගෙ හිත
සොයන පෙම්වතියේ
තෙමා දෙකොපුල සිනා සෙනු මැන
මගෙ මියුලැසියේ
නුරා බැල්මෙන් අවුලුවා හද
දිලෙන සඳවතියේ
ප්‍රේම ඇරයුම් කළේ රහසින්
මටද හිතවතියේ
වලාකුළකික් වැසී ගිය මුත්
පෙර සේම ආයේ
බැබළෙන්න ඔබ
පුරහඳක් සේ
ළඟින් සඳවතියේ....
මධුෂිකා
පුතු පාසල් ගොසින්
දොළ පාර දුවනවා නටනට
සිහිවී දඟ සිනහ කට
සුදු නෙළුම බලන්නෙ
කර උස්කර
විලට එබෙනවාදෝ
නිල් තරු කැට
ගඩා ගෙඩි අතු අති් ගෙන
බලා සිටිනවා තුරු පෙළ
පෙර මඟ
බදා වැලඳ දෙන්නට
සෙනෙහස
ළා තුරුපත් සැලෙනවා
නිතරම
ගොළු වී බිහිරි වී
ගං දෑල
කඳුළු මල් සිසිරුවයි
රැළි මතට
නිල් කුරුලු දුක් ගී
නාදයට
වන බිඟුන් වැලපෙනු
මන්ද
පාසල් නිවාඩුව
වී අහවර
පුංචි පුතු ගොසින්
යළි නගරෙට
කඳුළු පුරවා බලා සිටිනා
වලාකුළකට
අටවක සදත් කිව්වා
නිලන්ති ෆ්‍රනාන්දු
මුකුලිත කුසුමන්
පොල් රුප්පාවෙන් ඉඟි බිඟි කරනා නීල ගඟන මගේ අහිංසකාවියේ
මුකුලිත කුසුමන් දස අත නොපෙනේ
කොහෙද අනේ උන් සැඟව ගියේ...
නේක වර්ණයෙන් හැඩ වැඩ පෙන්වා
මට හිනහෙන සිඳු කුමාරියේ...
මිනිස් සමාජයේ ඇති සුන්දරකම
ඔබට දෙවනි නැහැ ප්‍රියාවියේ.
- ඇන්ජලා පැල්පොළ -