උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

කියවමු ද ඡායරූපයක්?!

අවිස්සාවේල්ලේ  මැරි ගෝල්ඩ් ගැලරියේදී 25 දා නොමිලේ පැවැත්වෙන වැඩමුළුවක්!

ඡායාරූපයක් කියැවීම පිළිබඳ නොමිලේ පැවැත්වෙන වැඩමුළුවක් ජනවාරි 25 වැනිදා

 ඡායාරූප විචාරය කිරීම පිළිබද වැඩමුළුවක් ජනවාරි 25 වැනිදා 9 සිට 4 දක්වා අවිස්සාවේල්ලේ  මැරි ගෝල්ඩ් ගැලරියේදී පැවැත්වේ.

 මේ වැඩමුළුව ඔස්සේ ඡායාරූපයක් දෙස සරලව බැලීමෙන් ඔබ්බට ගොස් එය විචාරාත්මකව අවබෝධ කර ගැනීමට ඔබට අවස්ථාව ලබාදේ.

මෙම වැඩමුළුව තුළ, ඡායාරූපයක සෞන්දර්යාත්මක හා තාක්ෂණික අංග පමණක් නොව, එහි අඩංගු සන්දර්භයන්, ආක්‍යාන රටා සහ බල සම්බන්ධතා පිළිබඳව විචාරාත්මක කියවීමකට අවධානය යොමු කරයි

මේ වැඩමුළුවේ සම්පත් දායකත්වය දරනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ University of Wollongong හි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය  ඒරන්  බර්ටන්, කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජගත් බණ්ඩාර පතිරගේ,

වරුණි අනුරුධිකා චන්ද්‍රසේන සහ

නාරද අමරතුංග විසිනි.

නොමිලේ පැවැත්වෙන මේ වැඩමුළුව සඳහා

WhatsApp / ඇමතුම්: 077 251 2364