උණුසුම් පුවත්

ජාතික ජන බලවේගයේ අනුරාධපුර මැයි දින සැමරුම

අද වෙන කොට ඉන්ධන මිල අඩු වෙලා, මේවට අපි රැවටෙන්නෙ නෑ

 

 

 

 

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ සභාපතිනි සරෝජා පෝල් රාජ් මහත්මිය

මැයි දිනය සමරන්න ජනතාව එක තැනකට එකතුකරන්න, කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩක් නැති නිසා අද අපිට දැවැන්ත මැයි රැළි හතරක් පවත්වන්න සිදුවුනා. අපි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව එකතුකරගෙන අද මැයි රැළි පවත්වනවා. අපි ඔබට කියනවා, මේ රටේ ජනතා පාලනයක් අපි ගොඩනඟනවා. වැඩකරන ජනතාවට ජීවත් වෙන්න සුදුසු රටක් ගොඩනගන්න, අලුත් ජවයක් දෙන්න කොන්දේසි විරහිතව අපි එකතු වෙලා ඉන්නවා. අපට තිබෙනවා දැවැන්ත බලාපොරොත්තුවක්. ඒ තමයි වැඩ කරන ජනතාවගේ සැබෑ ඕනෑ එපාකම් තේරුම් ගත හැකි, අයිතිවාසිකම් පිළිබඳව සැබෑ වූ හැඟීමක් තිබෙන, ඔබ ප්‍රදේශය නියෝජනය කරන අනුර දිසානායක සහෝදරයා එළඹෙන ජනාධිපතිවරණයේ පුරෝගාමී නායකත්වය ගන්න බව අපි ඉතාමත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.

අද උදේ වෙනකොට, පෙට්‍ර්  මිල රුපියල් 20/- කින් අඩුවෙලා තිබෙනවා. ඩීසල් රුපියල් 30/-  කින් අඩු වෙලා තිබෙනවා. සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50/- කින් අඩුකර තිබෙනවා. අපි මේවට රැවටෙන්නේ නැහැ. ජන බලය මාලිමාවට හැරෙනකොට බය වුණු පාලකයාට සිදුවෙනවා ජනතාව තමන්ගේ දිශාවට හරවාගන්න. තමන්ගෙන් ගිලිහෙන බලය නැවත ආපසු හරවාගන්න. අරක්කු බෝතල්, බත් පැකට්, ජනතාව රවටන ලාබ තුරුම්පු දෙන්න  වෙනවා. ඒ සියල්ල හොඳින් හඳුනා ගත් ජනතාව තේරුම් අරගෙන තිබෙනවා මේ පිළුණු වුණු ක්‍රමය වෙනස් කිරීමෙන් මිස මේ ලාභ තුරුම්පුවලින් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැහැ කියන එක. ජනතාවාදී, මිනිස්කමේ සුවඳ විහිදෙන, අලුත් පාලනය ක්‍රමයක් අපට ඕන. මිනිසුන්ගේ සැබෑ ගැටලු හඳුනන පාලන ක්‍රමයක් අපට ඕන. වැඩකරන පංතියේ මිනිසුන්ගේ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, දරුවන්ට නිදහසේ ජීවත්වෙන්න නිදහස් නිවහල් රටක් අවශ්‍යයි. නිදහසේ හුස්ම ගන්න සුදුසු පරිසරයක් ඕන වෙනවා. මේ රටට, භූමියට ආදරය කරන නායකයෙක් ඕන වෙන්නේ ඒ නිසා. ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන, සෞඛ්‍ය ගැන හිතන, නිදහස් ප්‍රවාහන ක්‍රමයක් නිර්මාණය කරන, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන, ආගම්, ජාති, කුල යන වර්ග භේදයකින් තොරව සියලු දෙනාටම සමාන මිනිසුන් ලෙස ජීවත් විය හැකි සමාජයක් අපට ඕන. එවැනි සමාජ ක්‍රමයක් නිර්මාණය කළ හැකි, අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය විතරයි.

අපි දන්නවා මිනිසුන් හැටියට ඔබ, අපි හම්බ කරන මේ සෑම ශතයක්ම, අරපිරිමැස්මෙන් හසුරුවන්න ගෙදර ගැහැනිය මහත් උත්සාහයක් ගන්නවා.  ජීවත් වෙන්න උත්සාහ කරනවා වුණත් ඔවුන් ගෙවල් ඇතුලේ විඳින පීඩනය කෙතරම්ද කියා අපි දන්නවා. පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ, ඇඟලුම් කම්හල්වල, වතු කම්කරුවන් ලෙස, මැදපෙරදිග ගෘහ සේවයේ, ගොවි බිම්වල, ධීවර ගම්වල දුක් විඳින සෑම ගැහැනියකගේම ඉලක්කය වෙලා තිබෙන්නේ තමන් ලබන ජීවන මට්ටමට වඩා උසස් ජීවන මට්ටමක් තම දරුවන්ට ලබාදීම. මේ ගිලිහී යන සිහින දකිමින් ඔවුන් පොරබදන්නේ තමන්ගේ දරුවන්ට හෙටක් නිර්මාණය කරන්න. ඒ කාන්තාවන්ගේ සිහින, තමන්ගේ උතුම්ම සම්පත වුණු දරුවන්ගේ අනාගත සිහින බිල්ලට අරගනිමින්, බොරු පොරොන්දු දෙමින් තමයි දේශපාලකයන් මෙතෙක් රට පාලනය කළේ. “ගැහැනු අපි එක මිටට” යන තේමාව යටතේ ලංකාවේ සිටින සියලුම වැඩකරන පංතියේ කාන්තාවන් අපි එකතු කළා. මේ රට වෙනස් කරන්න ගැහැනු අපි අවබෝධයක් ලබන්න ඕන. තමන්ට අහිමි වුණු උසස් ජීවිත වින්දනය, තමන්ගේ දරුවන්ට උරුමකර දෙන රටක් නිර්මාණය කරන එක වෙනුවෙන් ඔවුන් එකතු කරන්න ඕන.

අපේ කාන්තාවන්ගෙන් සාතිශය බහුතරයක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගොදුරු බවට පත්වෙලා, දූ දරුවන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා, ඒ නිසාම කාන්තාවන් විශාල ලෙස පීඩා විඳිමින් ඉන්නවා. මේ ක්‍රමය විසින් උරුමකර දී තිබෙන දුර්දාන්ත ජීවන තත්වය වෙනස් කරනවාද නැතිනම් තවදුරටත් ආරක්ෂා කරනවාද? එසේ නැතිනම් අපේ දරුවන් වෙනුවෙන් වෙනත් ජයග්‍රහණයක් සඳහා, අපිට අහිමි කරපු සතුට අපේ දරුවන්ට දිනාදීම සඳහා, හොඳ රටක් ගොඩනඟනවාද? ඔබට අපට පැවරිලා තිබෙනවා ලොකු වගකීමක්. ලංකාවේ ඉතිහාසය අලුතින් ලියන, නව පුනරුද යුගයක එළිය දල්වන උදාර වගකීම ගැහැනු අපි බාරගනිමු. අපේ දරුවන්ට අලුත් රටක් ගොඩනැංවීම සඳහාත් නිදහස් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාත් අපි පෙරමුණ ගනිමු.

වැඩ කරන ජනතාවගේ දිනය වුණු මේ ඓතිහාසික මැයි දිනයේ එදා 1886 චිකාගෝ නුවර ඇති වූ කම්කරු සටන අදටත් ඉවර නැහැ. පැය අටක වැඩ කාලය, ශ්‍රම සූරාකෑමට එරෙහිවීම, කාන්තාවන්ගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලබාදෙන, කම්කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂයක් හැටියට අදටත් අපට තිබෙනවා, සමාන ශ්‍රමයට සමාන වැටුප් ඕන කියන ඉල්ලීම. දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍යයක්, නිදහසේ ජීවත් විය හැකි රටක් ඕන. විවේකය, කාලය, ශ්‍රමය මුදලින් මනින්න බැහැ. රටක දියුණුව කියන්නේ භෞතික සංවර්ධනය පමණක් නොවෙයි. රටේ ජීවත්වන මිනිසුන් උසස් සාහිත්‍යයක් රස විඳිනවාද? සංස්කෘතික ජීවිතයක් ගත කරනවාද, මනුස්සකමින් පිරුණු සමාජයක් රට තුළ තිබෙනවාද. කියන එකත් වැදගත්.

මෙතෙක් අපට උරුමකර දී තිබෙන්නේ මනුස්සකම අහිමි කළ සමාජයක්. තමන්ගේ දෛනික වැටුප වෙනුවෙන්, ඉල්ලීම් වෙනුවෙන් මහ මග බේරා ගන්න තිබෙන සටන අති විශාලයි. එහෙම කරලා ජනතාවගේ ශ්‍රමය සූරාකාලා, කම්කරුවාගේ කර මතින් මේ පාලකයා සැප වින්ද යුගය, 2024 ජනාධිපතිවරණයෙන් පස්සේ අවසන් වෙනවා. අපි මෙවර, වැඩකරන ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් පාලන ක්‍රමයක් ඇති කරනවා කියන එක ආඩම්බරයෙන් කියනවා. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. අපේ කාර්යය ඉටුකරමු. කාන්තාවන් විදිහට අපේ ඉතිහාසය අලුතින් ලියන්නට පෙරමුණ ගනිමු.

ජනතාව රටේ ආර්ථිකයට හවුල්වෙන එහි ප්‍රතිලාබ සාධාරණය ලැබෙන ආර්ථික ක්‍රමයක් අපි ගොඩනගනවා ජාතික ජන බලයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා

ලාංකීය දේශපාලන ඉතිහාසයේ අපේ පරම්පරාවේ වමේ ප්‍රගතිශීලී ජනතාවගේ  තීරණත්මක මැයි දිනය, 2024 මැයි මාසයේ පළවැනිදා (අද) අනුරාධපුර සල්ගාදු පිටියේ සමරනවා. ලබන අවුරුද්දේ 2025 මැයි මාසෙ පළමුවැනිදා කියන්නේ වැඩ කරන ජනතාවගේ ජයග්‍රහණය සමරණ වසර බවට පත්වෙනවා. අපි නිදහස ලබා අවුරුදු 76ක් වෙනවා. ගෙවුණු කාලය දෙස ආපසු හැරී බැලුවොත්, අපේ රටේ භෞතික සම්පත්වලට, අපේ මානව සම්පතට ගැලපෙන, අපේ පිහිටීමට උරුම වුණු, රට සංවර්ධනය කරන ආර්ථික මාදිලියක් ක්‍රියාවට නඟන්න අපේ රටේ පාලකයන් අසමත්  වුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ලංකාව කෘෂිකාර්මික, කාර්මික නිෂ්පාදනය කඩාගෙන වැටුණා. හොරකම, වංචාව, දූෂණය, නාස්තිය, පගාව, සමාජයේ අස්සක් මුල්ලක් නෑර කිඳා බැස්සා. මේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති නිසා ලංකාවේ පළමුවැනි වතාවට රටක් විදිහට බංකොලොත් තත්වයට වැටුණා. ඒකේ ප්‍රතිඵලය තමයි අපි කවුරුත් බුක්ති විඳිමින් ඉන්නේ. ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතික සදාචාරයන් කඩා වැට්ටුවා. ලෝකය ඉදිරියේ හිඟන ජාතියක් බවට නම් කෙරුණා. මහ දවාලයේ මිනී මරාගන්න, කුඩු ජාවාරම් ඉහළ ගිය, අපරාධවලින් සමන්විත වුණු, මිනිස්කම නැතිවුණු සමාජයක් බවට පත්වුණු රටක් ලෙස ලෝකය ඉදිරියේ හඳුන්වාදෙන්න පටන් ගත්තා. මේක තමයි වසර 76ක ශේෂ පත්‍රය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි කවුරුත් බුක්ති විඳින්නේ මෙතෙක් රට පාලනය කළ පාලකයන්ගේ වැරදි ප්‍රතිඵලයයි. හැම කෙනෙකුටම අද බලකෙරී තිබෙනවා මේ බිඳ වට්ටපු මේ දිවයින, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟලා, දියුණු සමාජ, ආර්ථික, සංස්කෘතියක් ගොඩනඟලා රට කෙලින් හිටවන්න කියන ඉල්ලීම,  අද මාලිමාව වෙත යොමු වෙලා තිබෙනවා.

අපි මේ සාර්ථකත්වය ලබාගත්තේ කොහොමද? මේ රටේ සියලු වැඩ කරන ජනතාවගේ ශක්තියෙන්, ධෛර්යයෙන් හා විශ්වාසයෙන්. මේ රටේ සුවහසක් ජනතාවගේ හදවතේ නැඟුණු විශ්වාසනීය දේශපාලන ව්‍යාපාරය. ලංකාව තුළ පමණක් නොවෙයි විදේශගතව ජීවත්වෙන ලක්ෂ 35ක් වන ශ්‍රී ලාංකීය ජනතාවගේ බලාපොරොත්තුවත් මාලිමාව පිළිබඳව තිබෙන බලාපොරොත්තුව.

අපට අද බාරදූර වගකීමක් අපේ උරමතට පැවරෙණවා. වසර 76ක් තිස්සේ කාබාසිනියා කළ මේ රට ගොඩනැගීමේ වගකීම තව පෝය පහකින් මාලිමාවේ අපි මත පැටවෙනවා. ඒ අභියෝගය බාරගන්න අපි සූදානම්. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය ඔක්තෝබර් 17දින අවසන් වනවිට, ජාතික ජන බලවේගයේ නායකයා අනුර දිසානායක සහෝදරයා මේ රටේ නායකත්ව වගකීම භාර ගන්නවා, නියතයි. අද අනෙක් සියලු දේශපාලන පක්ෂ කෑලි කෑලිවලට කැඩිලා. අද රාජපක්ෂ පවුලේ පොහොට්ටුවේ හාදයෝ එහාට, මෙහාට පනිනවා. විජේදාස අද මෛත්‍රීගේ පැත්තට ගිහිල්ලා. අනුරාධපුරේ නොච්චියාගම පොහොට්ටුවේ සංවිධායක පැන්නා. දැන් ස.ජ.බෙ. කලාවැව සංවිධායක වෙලා. ජී. එල්. පීරිස්, ගොඩහේවා, පැන්නා. වීරවංශ අද පැනල අනාථ වෙලා. පොහොට්ටුවේ හාදයෝ පරාද වෙනකොට ගෙම්බො වගේ එහෙට මෙහෙට පනිනවා.

අද ප්‍රතිගාමී බලවේග අපට බනිනවා. අපහාස කරනවා. ඔය අවලාදවලට, උපහාසවලට මේ ගමන ආපස්සට හරවන්න බැහැ. සතුරා අපට පහර දෙන්න අපි ශක්තිමත් වෙනවා. රට තුළ විශ්වාසය තවත් තහවුරු වෙනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54 ක් විතර හිටියා. අද ඒ අය ඉන්නවාද? ඉසාඞ්, හරීන්, මනුෂ, චම්පික, පැන්නා. වෙල්ගමත් පනියි. සරත් ෆොන්සේකා ස.ජ.බ. විරුද්ධව නඩු කියනවා. නසීර් මොහොමඞ්, ඩයනා, අරවින්ද කුමාර පැන්නා. ගෝඨාභය එක්ක හිටි ගොඩහේවා අද ස.ජ.බ. වේදිකාවේ. රනිල්ගෙ යූ.එන්.පී. එකෙයි ස.ජ.බ. යූ.එන්.පී. එකෙයි තිබෙන වෙනස මොකක්ද? ප්‍රතිපත්තිවල වෙනසක් තිබෙනවාද? රනිල් විකුණන්න ඕන කියන කොට ඉරාන් කියන්නේ ඒක විතරක් මදි අනෙක් එකත් විකුණන්න ඕන කියලා. රනිල් අයි.එම්.එෆ්. එකේ පදේට නටනකොට හර්ෂ ඒක අනුමත කරනවා. යූ.එන්.පි.යේ රනිල් පිලයි, යූ.එන්.පි.යෙ සජිත් පිලයි, පක්ෂ දෙකක් කිව්වාට දෙකම එකයි. එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට කිසිම ගානක් නැතිව මාරු වෙනවා. හැරිසන් සජිත් පිලේ හිටියා. පසුවදා රනිල් පිලට පැන්නා. හරින් සජිත් පිලේ ඉඳලා පැන්න රනිල් පිලට. දෙකම යූ.එන්.පී. ප්‍රතිපත්තිවලින් දෙකම එකයි. මේ නිසා පාක්ෂියකයන්ටත් මේ දෙකම එපා වෙලා. යූ.එන්.පී. සජිත්ගෙ පිලේ ගම්මට්ටමේ අයයි, යූ.එන්.පී. රනිල්ගෙ පිලේ ගම්මට්ටමේ අයයි නායකයන් පිළිබඳව කළකිරිලා, දෙකම එපා වෙලා මාලිමාව වටා එකතු වෙමින් ඉන්නවා.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තිබෙන්නේ මොකක්ද? අනුරාධපුරේ දුමින්ද දිසානායක, මෛත්‍රීපාලට බනිනවා. චන්ද්‍රිකා නෝනත් ඇවිල්ලා. පක්ෂ හතරට පහට කැඩිලා. නායකත්වය පිළිබඳ විශ්වාසයක් නැහැ. පක්ෂෙ ප්‍රතිපත්ති පිළිබඳව, වැඩපිළිවෙල පිළිබඳ සාමාජිකයන්ට විශ්වාසයක් නැහැ. ඒ තත්වය යටතේ වැඩකරන ජනතාවගේ විශ්වාසය මාලිමාව කෙරෙහි වැඩිවෙමින්, මාලිමාව වටා ඒකරාශී වෙමින් ජයග්‍රහණය කරා දවසින් දවස ලංවෙමින් තිබෙනවා. මේ රටේ දුක් විඳින ජනතාවගේ නායකයා, අනුර දිසානායක ඉතිහාසයේ පළමුවෙනි වතාවට ජනතාවගේ අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීමේ නායකයා බවට පත්වෙනවා. ඔක්තෝබර් 18 වැනිදාට ජනාධිපති සහෝදරයෙක් එනවා. ඒ මානව හිතවාදියා ඔබේ මේ අනුරාධපුරයේ උපන් පුරවැසියා. ජයග්‍රහණයෙන් පහුවදාම අපි මේ දූෂිත කැබිනට් මණ්ඩලය විසුරුවනවා. මේ රට හැදීමේ අභියෝගය මාලිමාවත් එක්ක පටන් ගන්නවා. කෙටි කාලයකට ඇමති වගකීම් ජනාධිපති අතට පවරා ගන්නවා. මේ දූෂිත පාර්ලිමේන්තුවත් ඉතාම කෙටි කාලයකින් විසුරුවා හරිනවා. ඔබට අවස්ථාවක් එනවා, අදූෂිත, මේ රටට ආදරය කරන, සෑම දිස්ත්‍රික්කයක් පුරා විසිරී සිටින මාලිමාවේ නියෝජිතවරයන්, නියෝජිතවරියන්ගෙන් තෝරා පත්කර ගන්න. අපි අලුත් ආණ්ඩුව පිහිටුවනවා. ඒ හා සමානවම රට හදන වැඩෙත් පටන් ගන්නවා.

අංක එක වගකීම වෙන්නේ, මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක. සජිත් කියනවා හොරු අල්ලනවා කියලා. එතන රාජිත, කිරිඇල්ල ඉන්නවා. හොරුන් අල්ලන්න, දඬුවම් දෙන්න සජිත්ට පුළුවන්ද? රනිල්ට පුළුවන්ද? බැංකු හොරෙකුට පුළුවන්ද තවත් හොරෙකුට දඬුවම් දෙන්න. රාජපක්ෂලාට කොහෙත්ම බෑ. හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ කිසිදු සොරකම් නොකළ, දේශපාලනය අවභාවිතා නොකරපු මිනිසුන් ඉන්න මාලිමාවේ රජයකට පමණයි. අපි ඒ වැඬේ පටන් ගන්නවා. මේ රටේ නීතිය විනය හදන්න ඕන. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, මැලේසියාවේ මහතීර් මොහොමඞ්ලා පටන් ගත්තේ එතනැන්. වියට්නාමයේ සෞඛ්‍ය ඇමති වැරැද්දක් කළා. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත්තා. අවුරුදු 17කට සිරගෙට යැව්වා. අපේ රටේ නීතියත්, යුක්තියත් නැහැ. ආර්ථික බංකොලොත්කමයි, සමාජයේ තිබෙන පිරිහීමත් එක්ක මුළුමනින්ම විශ්වාසය පළුදු වෙලා තියෙන්නේ.

අපේ දරුවන්ට ජීවත් වෙන්න රටක් තියෙයිද? දෙමව්පියෝ කල්පනා කරන්නේ ඒකයි