උණුසුම් පුවත්

ඩයනා ගේ නඩුව කල් යයි

යළි විභාගය පෙබරවාරි නම වන දා

පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට සමගි බල වේගය ගෙන තිබෙන තීරණය බලරහිත කරන සේ නියෝගයක් නිකුත් කරන්නැ යි  ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමේ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යළි කල් තබන ලදි.

මේ පිළිබඳ විභාගය අද (10) ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබුණි.

එහෙත් විනිසුරු මඩුල්ලේ සාමාජිකා කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අසනීප තත්ත්වයකින් පසුවන හෙයින් පෙත්සම් විභාගය කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළහ.

ඒ අනුව අධිකරණය තීරණය කෙළේ පෙත්සම් විභාගය පෙබරවාරි මස 09 වන්දා දක්වා කල් තැබීමට යි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය සම්මත කිරීමට අදාළ ඡන්ද විමසීමේ දී එම සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් පක්ෂයේ විනය කඩ කළේ යැයි ඩයනා ගමගේ මහත්මියට චෝදනා කරමින්ගේ ඇගේ  පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබුණි.

එකී තීරණය නීතියට පටහැනි හෙයිනුුුත් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අයැදිමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.