උණුසුම් පුවත්

නවීන ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ගංජා වගාවක් විශේෂ කර්ය බලකායේ අත්අඩංගුවට

ඉතා සුක්ෂමව මහා පරිමානයෙන් අක්කර 05 කට අධික ප්‍රදේශයක් පුරා වගාකර තිබූ ගංජා වගාවක් නවීන ඩෝන තාක්ෂණය භාවිතයෙන් විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොණරාගල කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ මගපෙන්වීමෙන් බුත්තල කඳවුරේ උප පොලිස් පරීක්ෂක පි.එස්.ආර්. ගීතදේව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.10 වන දින කතරගම පොලිස් වසමේ කැබිලිත්ත දකුණ ප්‍ර‍දේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී විශේෂ කාර්ය බලකාය මගින් නවීන ඩෝන තාක්ෂණය උපයෝගි කරගනිමින් සිදුකරන ලද මෙහෙයුමකදි අක්කර 05 අධික භූමි ප්‍රමාණයක වගා කරන ලද අඩි 10 ක් පමණ උස ගංජා ගස් 650,000 සහිත ගංජා වගාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා ගස් 10 කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිනිතබා විනාශකර ඇත.