උණුසුම් පුවත්

පාසලකට ස්මාර්ට් බෝඩ් එකක් දෙන්න බැරි වුණාට මොකද වැඩක් නැති ලෝක සවාරි එමටයි

අනුරාධපුර පලාගල මහා විද්යාලයේ දී සජිත් ගුරු දෙගුරුන් හමුවේ කියයි

දරුවන් ඉගෙනුම ලබන පාසල්වලට සුහුරු පන්ති කාමරයක් හෝ ස්මාර්ට් බෝඩ් එකක් දෙන්න බැරි රජය ජනතාවගේ මුදල් අනුමත කර ගෙන කිසිදු ප්‍රතිලාභයක් රටට නොලැබෙන ලෝක වටේ සංචාරයේ නිරත වන බවත් මොවුන් බලයේ සිටින විට තමන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනයේ පමණක් නිරත වෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කොවිඩ් සමයේ සිදු කළ සංගණයකට අනුව මාර්ගගත අධ්‍යාපනය ලැබීමට ඡංගම දුරකථනයක් හෝ ටැබ් යන්ත්‍රයක් හෝ පරිගණකයකට ප්‍රවේශය තිබී ඇත්තේ සමස්ත දරු පරපුරෙන් සියයට 34ක් බවත් ඉතුරු සියයට 66ටම එම පහසුකම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දරුවන් නව තාක්ෂණයෙන් සන්නද්ධ කරනවා වෙනුවට එම මුදල්වලින් ඇමතිවරු සුරසැප විඳිනවා නම් එය දරුවන්ගේ මූලික අයිතිය සහ මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් සුහුරු රටක් ගොඩ නැගීමට නම් සුහුරු අධ්‍යාපනයක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරනය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද  අනුරාධපුර පලාගල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 107 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.