අමරවීර, දුමින්ද හා ලසන්න නිලතල වලින් පන්නයි
ශී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුන් තිදෙනා එකී තනතුරුවලින් අද පැවති විධායක සභාවේ දී ගත්තු තීරණයකට අනුව ඉවත් කර ඇත.
මහින්ද අමරවීර මහතා වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමතිවරයා යි. ලසන්ත අලගියවන්න මහතා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ප්‍රවාහන රාජ්‍ය ඇමතිවරයා යි. දුමින්ද දිසානායක අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන මන්ත්‍රීවරයෙකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ පිළිබඳ විධායක සභාවේ දී ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ ඊට සෑහෙන පිරිසක් විරෝධය පළකළ බව මහින්ද අමරවීර ඇමතිවරයා මාධ්‍ය හමුවක දී සඳහන් කළේ ය.
මෙකී තීන්දුව අනීතික එකක් බව ද සඳහන් කළ අමරවීර, අලගියවන්න හා දිසානයාක මහත්වරුන් තිදෙනා වැඩි දුරටත් මාධ්‍යයට පැවසුවේ එකී තීරණයට එරෙහිව තමන් තිදෙනා නීතිය හමුවට යන බවයි.