උණුසුම් පුවත්

රුපියල් මිලියන 7. 5 ක බීඩිකොළ තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකායෙන් අත්අඩංගුවට ගනී

නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් ගෙනෙන ලදැ යි සැක කෙරේ

ඉන්දියාවේ සිට නීතිවරෝධී අයුරින් මෙරටට ගෙන්වා ඇති බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 1200 ක් යුද්ධ හමුදා බුද්ධි අංශය මගින් ලබාදුන් තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකරන ලද මෙහෙයුමකදී ඊයේ (05) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම බීඩි කොළ තොගය මලු 40 ක පමණ පුත්තලම කල්පිටිය කුරිංඤංපිටිය මුහුදු තීරයේ අතහැර දැමූ ඉස්සන් කොටුවක සඟවා තිබි ඇති අතර යුධ හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරුවලට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගයේ වටිනාකම දළ වශයෙන් මිලියන් 7.5 ක් පමණ වන අතර අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය පිළිබඳ ඉදිරි විමර්ශණ කටයුතු පුත්තලම සුරාබදු ඒකකය විසින් සිදුකරනු ලබයි.