උණුසුම් පුවත්

ලෝක පූජිත චමරි අතපත්තුට නවසීලන්තයේ දී උපහාර

චමරි සම්භාවනාවට පාත්‍ර කළෝ වයිකටෝ සිංහල මිත්‍රත්ව සංගමයයි

ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මේ දිනවල නවසීලන්තයේ ටී 20 කාන්තා ක්‍රිකට් තරග මාලාවකට හවුල් වෙනවා. ඈ මේ දිනවල ඉන්නේ නවසීලන්තයේ. ලෝක පූජිත  අපේ චමරි නම් මේ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාව අගැයමින්  ඊයේ (16) වයිකාටෝ සිංහල මිත්‍රත්ව සංගමය විසින් චමරිට උපහාර උළෙලක් සංවිධානය කර තිබුණා.

නවසීලන්තයේ හැමිල්ටන් හි නෝදන් කණ්ඩායම වෙනුවෙන් ඈ හවුල් වෙනවා. ඒ ආරාධිත ක්‍රීඩිකාවක් හැටියට.

මේ උපහාර උළෙලේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකාව පැවසුවේ තමා රටවල් ගණනාවක ක්‍රිකට් ක්‍රීඩා තරගවලට සහභාගි වී ඇතත් ඒ කිසිදු අවස්ථාවක මෙවන් අගැයීමක් තමන් හෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළ හෝ සම්භාවනාවට පාත්‍ර නොවූ වගයි.

"මම මේ ජයග්‍රහණ ලබා ගත්තේ ගොඩක් කැපවීම් කරලා. ඕනම දේකට කැපවෙනවා නම් ඒ දේ වෙනුවෙන් තමන්ගේ උපරිම උත්සාහය කැපවීම අවශ්‍යයි එතකොට අපගේ ඉලක්කය කරා යන්න පුළුවන්. මගේ මුල්ම උත්සාහය තිබුණේ කෙසේ හෝ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමයි.මම ඉලක්කයට ආවා ඒ වෙනකොට කවුරුත් ලකුණු සීයක් ගහලා තිබුන්නෑ .මම හිතුවා අධිෂ්ඨානය කරගත්ත ලකුණු සීයක් ගහනවා කියලා මම ඒක කළා.ඔය මම කිව්වේ පොඩි උදාහරණයක් තව ඒ වගේ ගොඩක් දේවල් මම ක්‍රිකට් එක වෙනුවෙන් කළා ඒ නිසා මට මේ තැනට එන්න පුළුවන් වුණා"

"තවමත් ලංකාවේ විස්සයි විස්ස තරඟවල අන්තර්ජාතිකව සෙල්ලං කරද්දී ලකුණු සිය ඒවා තුනයි තියෙන්නේ එකසීයක් මගේ මට ඒක ලොකු සතුටක් මම හිතනවා මගේ කැපවීමේ ප්‍රතිඵලයක් කියලා .මෙතන ඉන්න දරුවන්ට තරුණ තරුණියන්ට මම කියන්නේ තමන් කරන වැඩේ කැපවෙලා ඉලක්ක කරගෙන හරියටම කරන්න එතකොට ඕනම දෙයක් තමන්ට ජයග්‍රහණය කළ හැකියි"

"අද මට මෙම සම්මානය ලබාදෙන නවසීලන්තයේ හැමෙල්ටන් නුවර සිංහල ජනතාවට මා විශේෂ ස්තුතිය පුද කරනවා .පැංචයිසි ක්‍රිකට් ගහන්න ඇවිල්ලා කවදාවත් මට මෙහෙම සම්මානයක් ලැබිලා නෑ ඒ නිසා මම මේ හරි අගය කරනවා"

යමකු තුළ කැපවීම උත්සාහය වීර්ය හා අධිෂ්ඨානයක් ඇත්නම් ජයගත නොහැකි කිසිවක් නැති වග ඇගේ විශ්වාසය බවයි චමරි පැවසුවේ. මෙම අවස්ථාව සඳහා නවසීලන්තයේ කාන්තා ක්‍රිකට් නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක ක්‍රීඩිකාවන් කිහිප දෙනකු ද සහභාගි වුුුණා. හැමිල්ටන් ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ද ඊට එක්වූහ

වයිකටෝ සිංහල මිත්‍රත්ව සංගමයේ නිලමඩුල්ල ඇතුළු පිරිසක් මේ සඳහා එක් වූහ