මැයි 07, 09, 13, 14 දවසක් - අනුර සූදානම්
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නිශ්චිත දින නියම වීමක් මෙතෙක් සිදු නොවීම හේතුවෙන් ජනතාව අතර නිවැරදි නොවන අදහස් පහුගිය දවස්වල පැතිරෙමින් තිබිණි. ඒ දුර්මත දුරලමින් ජාතික ජන බලවේගය විසින් අද (22) එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හා එහි නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඔහුට ඊට සහභාගි වීමට හැකි දින කිහිපයක් ගැන දන්වා ටෙලිපෝනයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩර මහතා වෙත ලිඛිතව දන්වා ඇත.
සජිත් අනුර විවාදයට තම පක්ෂ නායකයාට මේ සඳහා පහසු දින කිහිපයක් ගැන සඳහන් කරමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ලිපියක් යවා ඇත.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කරැති ලිපියේ වැඩි දුරටත් මෙසේ සඳහන් ය.
අප විසින් මීට ඉහතදීද යෝජනා කළ පරිදි රට මුහුණ දී ඇති සමස්ත අර්බුදයට හේතු සහ විසඳුම පිළිබඳ විවාදය 2024 වර්ෂයේ එළඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට නියමිත ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයින් දෙදෙනා අතර පැවැත්විය යුතු බව අපි අවධාරණය කර ඇත්තෙමු. අප පක්ෂය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඊට සහභාගි වනු ඇත.
එම විවාදය සඳහා 2024 මැයි මාසයේ 07, 09, 13, 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට අපි සූදානම්ව සිටිමු. මේ සම්බන්ධව ඔබ පක්ෂයේ සූදානමට අනුව දිනය තෝරා ගැනීමෙන් අනතුරුව අදාළ වේලාව, විවාදයේ කාලසීමාව, ස්ථානය සහ විකාශනය වන නාලිකාව අපට පසුව සාකච්ඡා කර ගත හැකිය.
එසේම යම් හෙයකින් සමගි ජන බලවේගය ලෙස මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු.