සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සංගමයේ ලේකම් ධර්මසිරි අල්විස් මහතා මේ ගැන නිවේදනයකින් කියයි
දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් සේවය කරනු ලබන හදිසි මරණ පරීක්ෂක වරුන්ට ඔවුන්ගේ ලිපි ද්‍රව්‍ය අවශ්‍යතා ,ගමන් වියදම් සඳහා ප්‍රමාණවත් දීමනාවක් ලැබෙන්නේ නැතැයි ඔව්හු මැසිවිලි නඟති .
දැනට මෙම සියලු වියදම් සඳහා ගෙවනු ලබන්නේ එක් මරණයක් වෙනුවෙන් රුපියල් එක් දහසක දීමනාවක් පමණි.එය රුපියල් දෙදාහක් දක්වා වැඩි කර දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති .
වන අලි පහරදීම් ,දියේ ගිලීම්,විදුලි සැර හා අකුණු වැදීම්, ගෙළ වැළලාගැනීම්,නාඳුනන මළ සිරුරු,දුම් රියේ ගැටීම් නිසා සිදුවන මරණ ,වෙඩි වැදීම් ආදී විවිධ දුෂ්කර අවස්ථාවලදී දින ගනන් නරක් වූ මරණ පරීක්ෂණ වල ස්ථානීය පරීක්ෂණ සඳහා මරණ පරීක්ෂක වරු එම ස්ථානයට යායුතුය.එසේම පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා බොහෝවිට මරණ පරීක්ෂක වරුනට අධිකරණ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම සඳහා රෝහල්වලට යාමට සිදුවේ.
මෙවැනි වගකිවයුතු රාජකාරියක යෙදෙන මරණ පරීක්ෂක වරුන්ට ස්ථීර මාසික දීමනාවක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීම් කොට ඇතැයි සමත ලංකා හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සංගමයේ ලේකම් ධර්මසිරි අල්විස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.