උණුසුම් පුවත්

අපරාධ කල්ලි කාන්තාවක හා කල්ලිකරුවන් දෙකක් STF අත්අඩංගුවට

මොටෝ රියක්, එක්සත් අරාබි එමීර් හි ඩිනාර් හා රුපියල් ලක්ෂක පමණ සල්ලිත් හොයා ගෙන.

 

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර  මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු  මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සී.ඒ.එස්. ද සිලිවා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ දෙවන කඳවුරු අණදෙණ නිලධාරී  පොලිස් පරීක්ෂක ඩි.බි. කන්දේකුඹුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මහනුවර පොලිස්  වසමේ KING හන්තාන, අංක 05, තබෝදාරාම පාර, රිච්මන්ගිල් නවාතැන්පලේ දී වැටලීමක්සි දුකර ඇත.

එහි දී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හා සංවිධානාත්මක ආපරාධ වලට අවශ්‍යව සිටි මොරටුව ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 32, 38 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු හා ගෝනපල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 34 ක් වන කාන්තාවක් සමග කාර් රථයක්, එක්සත් ආරාබි ආරාබි රාජ්‍යයේ ඩිනාර් හා ලංකා වලංගු මුදලින් රුපියල් ලක්ෂයට ආසන්න මුදලක් හා තවත් භාණ්ඩ සමග මහනුවර නවාතැන්පලක සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මහනුවර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.