උණුසුම් පුවත්

අමාත්‍ය හරීන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩිස් හමුවෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද පැවැත්විය.
කොළඹ දී මෙම හමුව සිදුව ඇත.

නිවේදනයක් නිකුත් කරමින් යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි හමුවක් බවට
එය පත්වූ බවයි.

ජෙෆ් ඇලඩිස් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ අද පෙරවරුවේ ය.

මේ අතර, ජෙෆ් ඇලඩිස් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද අද සවස සිදුවීමට නියමිත බවද අදාල නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.