උණුසුම් පුවත්

ආගම දේශපාලන ව්‍යාපාරවල ආයුධයක් නොකර ගත යුතු යි – සජිත්

කල්යාණ බෝධිරාජාරාම විහාරස්ථානයේ චෛත්යයට මුල්ගල් තැබීමේ උත්සවයේ දී විපක්ෂ නායකවරයා එසේ කියයි.

ආගම දේශපාලන ව්‍යාපාරවල ආයුධයක් නොකර ගත යුතුයි

අප රටේ බොහෝ දෙන බෞද්ධකම ගැන කතා කරමින් සම්බුද්ධ සාසනය පිළිබඳ දැවැන්ත ප්‍රකාශ නිකුත් කළත් යුගයේ අවශ්‍යතාව වී ඇත්තේ ආගම දහම රැකගෙන සම්බුද්ධ සාසනය සුරක්ෂිත කිරීම බවත් ඒ සත්කාරය උදෙසා සියලුම බෞද්ධාගාමික ප්‍රජාව පෙළගැසිය යුතු බවත් මින් ඉදිරියට හෝ ආගම දහම උපයෝගී කර ගෙන බුද්ධාගම දේශපාලන ව්‍යාපාරයක ආයුධයක් කර නොගන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ සියලු සත්ත්වයේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා යනුවෙන් බවත් බුද්ධාගමේ අය පමණක් දුකින් මිදෙත්වා නිවන් දකිත්වා යනුවෙන් පමණක් දේශනා නොකළ නිසා මේ නිර්මල බුදු දහම විකෘති නොකර සත්‍යවාදීව උතුම් ගුණාංගයන් ක්‍රියාත්මක කරන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මම හැමවෙලේම අනුගමනය කරන්නේ ධම්මපදයයි

සෑම විටම තමා උත්සාහ කරන්නේ ධම්ම පදයේ දේශනා කර ඇති උතුම් බුදුදහමේ උසස් ගුණාංග අනුගමනය කරමින් තම ක්‍රියාපිළිවෙත හැකිතාක් දුරට නිවැරදිව ක්‍රියාත්මක කිරීමට කැප වන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ලෙල්ලුපිටිය ශ්‍රී කල්‍යාන බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජායාණන් වහන්සේ සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ලෙල්ලුපිටිය ශ්‍රී කල්‍යාන බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජායාණන් වහන්සේ සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.