ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන

ඉක්මනින් ධනවතුන් වූ පිරිස් සොයා රට පුරා පොලිස් පරීක්ෂණ

මත්ද්‍රව්‍ය ජාවාරම් හා වෙනත් ජාවාරම්කාරයින් ඉලක්ක කෙරේ

නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව, හදිසියේ ම විශාල දේපොළක් උපයාගෙන ඇති හෝ සැක සහිත ලෙස සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරන පුද්ගලයන් ගැන පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. මෙවැනි පුද්ගලයන් ගැන තොරතුරු දන්වන ලෙස  ද ශ්‍රී ලංකා පොලිසිය මහජනයාගෙන් ඉල්ලයි.

මෙම විමර්ශන මඟින් ප්‍රධාන වශයෙන් ඉලක්ක කොට ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්, අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් හා මුදල් විශුද්ධිකරණය කිරීමෙන් උපයාගෙන ඇති බවට සැක කෙරෙන වත්කම් ය.

මේ සම්බන්ධ වැටලීම් දිවයින පුරා අඛණ්ඩව පොලිසිය ක්‍රියාත්මක කරයි.

මෙසේ අයථා අන්දමින් දේපොළ උපයා ගෙන ඇති අය සතු නිවාස , ගොඩනැගිලි හා වාහන රැසක් අධිකරණ නියෝග ලබාගෙන පොලිසිය විසින් දැනටමත් තහනම් කොට තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ ය.