2026 buget must aline with IMF Progeam perameter 2026 අනුගත ෙනාවුෙණාත් ඔවුන්ට අෙප් ෙගල සිරකරන්නට පුළුවන්
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරය නිමිත්තෙන් එහි ගාල්ල දිසා සභාව විසින් ඉකුත් 12 වැනිදා සංවිධානය කළ උත්සවයේ දී ජාත්‍යන්තරදේශපාලන විශ්ලේෂක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක කරන ලද හරබර දෙසුම ඉතා කාලෝචිත අදහස් දැක්වීමක් යැයි විශ්වාස කරන හෙළදිව ඔහු විසින් පවත්වන ලද ඒ දේශනය අපි මෙහි දක්වන්නෙමු.
සමානාත්මතා සමාජයක් ගැන විශ්වාසය තැබූ සහ තව දුරටත් විශ්වාසය ඇති කෙනෙක් විදියට මම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ අසූවැනි සංවත්සරය පැවැත්වෙන මේ අවස්ථාවට සහභාගිවීමට ආරාධනය ලැබීම සතුටක් ගෞරවයක් ලෙස සලකනවා.
කොමියුනිස්ට් ව්‍යාපාරය සිහිවෙන විට අපේක්ෂා කළ ගමනාත්තයට ළඟාවීමට තවම මනුෂ්‍ය සමාජයට නොහැකි වුවත්, මගේ දැඩි විශ්වාසය කරුණු සහිතව එවැනි සමාජයක් ගොඩනැඟීමකින් තොරව මේ මනුෂ්‍ය වර්ගයාට මේ පෘථිවිය මත පැවැත්මක් නැහැ කියන එක තමයි අපේ විශ්වාසය. ඒ මූලික මතය විෂය කාරණයට පිවිසෙන්නට කලින් මගේ විශ්වාසයට පදනම් වන එක කරුණක් සඳහන් කරන්නට කැමතියි.
අද අපේ රටේ තියෙන ආර්ථික තත්වය
දැන් මේ දවස්වල අපි දකිනවා "එක්ස්ට්‍රීම් වෙදර්" කියන තත්වය. කාලගුණය අන්තවලට ගමන් කරනවා. කාලයකට සුළි කුණාටු, දිට්වා, සුනාමි, ප්‍රංශයේ මේ දවස්වල පසුගිය මාසයේ දහසකට වැඩි පිරිසක් මියගියා අධික උෂ්ණත්වය නිසා. මේ සියල්ල බැලූ බැල්මට ස්වාභාවික සිදුවීම් ලෙස පෙනි යන නමුත් ඒ ස්වාභාවික සිදුවීම් උත්තේජනය කරන සාධක කිහිපයක් තිබෙනවා. ප්‍රධාන සාධකය මේ අපි දැනට අනුගතවී සිටින නිෂ්පාදන සහ පරිභෝජන රටාව. ඒ පරිභෝජන රටාව කමියුනිස්ට් චින්තනය විසින් පිටුදකින්නට අපේක්ෂා කරපු ධනේශ්වර නිෂ්පාදන සහ පරිභෝජනය. මේ . තත්වය එහෙම තේරුම් නොගෙන තුමන යෝජනා ගෙනාවත් අවසාන විසඳුමකට එන්න බැහැ. ඒ නිසා මම දකින්නේ කමියුනිස්ට් චින්තනය මනුෂ්‍යයාගේ පැවැත්ම හා බැඳුණු දර්ශනයක් ලෙස. එතැනින් ඒ කාරණය අවසන් කරලා මගේ මාතෘකාවට පිවිසෙන්නම්.
අද අපේ රටේ තියෙන ආර්ථික තත්වය ගැන නැත්නම් ගැටලුව ගැන අදහස් දැක්වීමක් කරන්නයි මගෙන් කළ ඉල්ලීම. මම මෙවැනි අදහස් දැක්වීම්වල දි සටහනක් පිළියෙල කරගෙන තමයි ඒක කරන්නෙ. මන්ද අසාගෙන සිටින අය සැකයක් ඇති නොවෙන්න සාක්ෂි ඇතිව, නම් ගම් ඇතිව දින වකවානු ඇතිව ඒවා සදහන් කරන්නෙ. එහෙම නැතිවුණොත් මගේ සමහර කරුණු මතකයෙන් ගිලිහෙන්නට පුළුවන් නිසා. ඉතින් දැන් අපි මේ කතාකරන විෂය බොහොම පළල්. සංකීර්ණයි. මම එක තැනකට යොමු වෙන්න අදහස් කළා.
ආර්ථික වහයෙන් අපි කොතැනද ඉන්නේ. අපට කුමක්ද වෙලා තියෙන්නේ දැන් මේ මෙය පැහැදිලි කිරීම සදහා මම මුලින් ම කියමන් දෙකක් උපුටා දක්වන්නට කැමතියි. පළමු වැනි කියමන ඒක ඉංග්‍රිසි බසින් තියෙන්නෙ. ඉතින් මම මගේ හැකියාව අනුව සිංහලට පරිවර්තනය කළා. ඉතින් මම දන්නවා මේ වගේ දේ අහන් ඉන්න ටිකක්... බෝරින් වගේ නේ ද? නමුත් මට ඊට බැහැර වෙන ක්‍රමයක් නැහැ. මේකයි ඒ කියමන.
දේශපාලන ස්වාධිපත්‍යය සහ ආර්ථික ස්වාධිපත්‍යය එකිනෙක අත්වැල් බැඳ ගමන් ගනී. නිශ්පාදන ස්වාධිපත්‍ය සහ ආර්ථික ස්වාධිපත්‍යය එකට බැඳිල තියෙන්නේ. නිවුන් සහෝදරයෝ. මේ ඉංග්‍රීසි කියමනේ තිබෙන පොලිටිකල් සවරින්ටි ඉකොනොමික් සවරින්ටි ගෝ හෑන්ඩි ඉන් හෑන්ඩ්. අත්වැල් බැඳගෙන යන්නෙ. ඊළඟ කියමනේ රටක තමන්ගේ ම වූ ආර්ථිකයක් නැත්නම් ඒ රට විදේශ ප්‍රාග්ධනය විසින් ග්‍රහණයට ගනු ලැබ තිබේනම් තමන් ගැටගැසි රටේ ග්‍රහණයෙන් මිදී නිදහස් වීමට එරටට නොහැකි ය. යම් රටක් විදේශ ප්‍රාග්ධනයේ ග්‍රහණයට හසුව තිබේනම් විදේශ ආයෝජනය නෙවෙයි, නිශ්පාදනය විසින් මේ රටේ ආර්ථිකය තමන්ට අවශ්‍ය පරිදි හසුරුවන නම් එසේ හසුරුවනු ලබන රටට ඒ ස්වාමියාගේ ග්‍රහණයෙන් මිදෙන්න පුළුවන්කමක් නෑ.
මම දකින්නේ දැන් අපි සිටින්නේ එවැනි ග්‍රහණයකට හසුවී. ඔබ කල්පනා කරන්න පුළුවන් කවුරුන්ද මේ කියමනේ කතුවරයා. මේ කියමනේ කතුවරයා සුප්‍රකට චරිතයක්. අර්නස්ට්ටෝ චේගුවේරා. 1960 මාර්තු මාසේ රූපවාහිනී සාකච්ඡාවකදි තමයි චේ මේ අදහස පළ කරන්නේ. ඔහුගේ කතාවේ තව බොහෝ දේ තියෙනවා. මේක තමයි මම තෝරා ගත්තේ.

අපේ රටේ ඇතැම් උගත්, ඉංග්‍රීසියෙන් කතා කරන අය, මාධ්‍යවේදීන් සමහරු හිතනවා චේගුවේරා කියන්නේ ප්ලේ බෝයි කෙනෙක්... සෙල්ලක්කාර චරිතයක්, හැඩ රුව තිබුණු පුරුෂයෙක්. සෙල්ලක්කාර චරිතයක්. බරක් ඇති කෙනෙක් නොවේ කියා. නමුත් ඒක එහෙම නොවෙයි. ඔබ අහල ඇති පහුගිය සියවසේ ප්‍රංසයෙ ජීවත් වුණා දාර්ශනිකයෙක්. ඔහුගේ නම ෂෝන් පෝල් ශාස්ත්‍රෙ Jean-Paul Sartre... ඔබ දැනටමත් දන්නවා ඇති ඔහු විශිෂ්ට ගණයේ බුද්ධිමත් දාර්ශනිකයෙක්. ඔහු වරක් චේ ගැන කියනවා මෙහෙම ද මෝස්ට් කම්ප්ලීට් හියුමන් බීන් ඔපර් ඇට්. අපේ කාලයේ ඉතාමත් ම සාස්ත්‍රෙ අපේ කාලයේ පරිපූර්ණ මිනිසා කියා හඳුන්වනා ය කියා කීව තැනැත්තා ගේ කියමනක් තමයි ඒ.

දෙවැනි කියමන එන්නේ ඔබ අහල ඇති මේ ඇමරිකාවේ ජීවත් වෙනවා ඔහුට සමහරුන් කියන්නේ 'මෙගා' මහා බුද්ධිමතෙක් කියලා. නෝම් චොම්ස්කි (Noam Chomsky). දැනට වයස අවුරදු 97 ක්. චොම්ස්කි ආර්ථික සමාජ විෂය ගැන පළල් විදියට අධ්‍යයනය කරන ලද පුද්ගලයෙක්. ඔහු රටක සංවර්ධනය ගැන කරපු විවරණයකදි කියනවා රටක සංවර්ධනය හා ඒ රටේ ස්වාධීනත්වය එකින් එක බැඳී ඇති වග. එය වෙන්කළ නොහැකි දෙකක්. චේ කියපු දේ ම වෙනත් වචනවලින්. නොම්ස් කියනවා උදාහරණ සහිතව රටකට ආර්ථික වශයෙන් දියුණු වෙන්න නම් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත සමාජයක් නිර්මාණය කරන්නට නම් ඒ රට ස්වාධීන වෙන්න ඔනැ පරාධීනත්වයෙන් මිදුණු රටක් හැටියට.
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයි
ඊළඟට ඔහු කියනවා රටක සංවර්ධනයට, සමාජ සාධාරණත්වයට ප්‍රජාතන්ත්‍රවාදයට සිටින බරපතල ම සතුරා තමයි පරාධීනත්වය. අනුන් මත යැපෙන එක. නැත්නම් යටත්වීම.
මම කොමියුනිස්ට් චින්තනය හදාරපු කෙනෙක් විදියට මම ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අදහස් කරන්නේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය.... දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය යන දෙකම තියෙන තැන තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය...
අපේ රටේ තිබෙන්නෙ මං දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අංගෝපාංග දෙක තුනක් පමණයි. අපි උදාහරණයක් ගනිමු. මේ අපේ රටෙත්, ඇමරිකාවේත්, ජර්මනියේත්, එංගලන්තයේත් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතමු. රටේ ජනතාවට අවුරුදු පහකට සැරයක් තමන්ට කැමති ආණ්ඩුවක් තෝරා ගන්නවා. තව අවුරුදු පහකින් ඒක ඉවත් කරන්න නමුත් රටේ නිශ්පාදන මාර්ගවල අයිතිය නැත්නම් මොකක් ද... ඒක තමයි මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල අඩුව. අපි ප්‍රායෝගික උදාහරණයකට එමු.
එක දේශපාලන විද්‍යා ආචාර්යවරයකුගෙන් මේ ප්‍රශ්නය ඇහුවා. ඔහුටත් උත්තරයක් තිබුණේ නෑ. දැන් අපි ආණ්ඩු පත්කරනවා, ඡන්යකින්. මගේ ප්‍රශ්නය තමයි මං ඔහු වෙත යොමු කළ මගේ ආහාරය බත්... බත් එලැබෙන්නෙ සහල්වලින්. සහල් ලැබෙන්නෙ වී වලින්. දැන් මේ ඡන්ද දීලා ආණ්ඩු පත්කරන පෙරළන මට පුළුවන් ද සහල් මිලට මොනම බලපෑමක්වත් කරන්න. මම නං දන්න විදියට බෑ. ඡන්දෙ දෙන මට විතරක් නෙවෙයි ඡන්දෙ දීලා බලයට එන ආණ්ඩුවටත් බෑ.
මේ බලයේ සිටින ආණ්ඩුවේ නායකයින් බලයට එන්න කලින් එක අවස්ථාවක ප්‍රකාශ කරනවා... මං ඒක පොතක ලියාගන තියෙනවා එයාගේ නමත් තියෙනවා. ඔහුගේ ප්‍රකාශෙදි කියනවා අපේ රටේ වී ගණන් අඩුයි. සහල් ගණන් වැඩියි. ඊළඟට ඔහු අහනවා සහල් හදන්නෙ වීවලින් ද? මේකට හේතුව සහල් සහ වෙළඳපොළ පාලනය කරන්නේ මාෆියාවක් බව ඊළඟට ඔහු ක්යනව. ඊළඟට ඔහු කියනවා ජාතික ජන බලවේගය රජයක් යටතේ සහල් මාෆියාව බිඳිනු ඇත.... මතක තියාගන්න ඔහු කියනවා බිඳිනවා කියා.
මේ රටේ සියයට අනූවක් බත් කන්නේ. ඒ සියයට අනූවම ආණ්ඩුව එක්ක හිටියත් මේ සහල්වලට බලපෑමක් කරන්න බැහැ. මම කතා කරන්නේ ආර්ථික සහ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය කියන දෙකම අදහස් කරගෙන යි.
නොම් චෙම්ස්කි කියනවා රටක ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ප්‍රාතන්තුවාදය පොලිටිකල් සහ ඉකොනොමික්ස් කියන දෙකට ම ඉන්න ලොකුම හතුරා තමයි පරාධීනත්වය.... ස්වාධීනත්වය අහිමිවීම. ඔහු නිදසුන් දෙකක් දක්වනවා. එකක් ජපානය.... ජපානය කවදාකවත් යටත්ව තිබුණෙ නෑ. ජපානය 1990 වගේ වෙන කොට ලෝකයේ දෙවැනි ආර්ථිකය බවට පත්වුණා. පළවැනියා ඇමරිකා එක්සත් ජනපදය...ජපානය දෙක... දැන් ජපානය දෙකට වැඩියි. ජපානය මෙතැන්ට ආවේ කොහොම ද? අපේ සමහර උගත්තු, විශ්වාස කරනවා ජපානය ඒ දියුණුව අත්පත් කරගත්තේ දෙවැනි ලෝක යුද්දෙන් පස්සෙ කියලා. නෑ. ජපානයේ සංවර්ධන ව්‍යායාමය ආරම්භ වුණේ සියවස් දෙක තුනකට පෙර. තොකුගාවා Tokugawa Shogunate රාජවංශය තමයි. ෙම්ඉජි Meiji Period (1868–1912) of Japan ඒක පටන් ගත්තෙ. චොම්ස්කි යොමු කරන ප්‍රශ්නය ජපානයට මේක කරන්න පුළුවන් වුණේ තමන්ට කැමති අභිමත සංවර්ධන මාර්ගයක් තෝරා ගෙන එයින් ඉස්සරහට යන්න පුළුවන් වුණේ ජපානය යටත් විජිතයක් නොවූ නිසයි. ඊළඟට ඔහු ගේ උදාහරණයක්... ඊජිප්තුව. ඊජිප්තුවෙ ජපානයට නැති සම්පත් තියෙනවා. ජපානයට නැති දීර්ඝ ඉතිහාසයක්, ශිෂ්ටාචාරයක් තියෙනවා. ඒ ඉතිහාසයේ දී ඔවුන් දියුණු කරපු විද්‍යාව, තාක්ෂණය ඊජිප්තුවත් උත්සාහ කළා, බටහිර පන්නයේ ධනවත් රාජ්‍යයක් බවට පත්වෙන්න. නමුත් ඇති වුණේ නෑ. බ්‍රිතාන්‍යයන්ගේ ග්‍රහණයට හසුවීම නිසා. අපි හමුවේ තිබෙන ප්‍රශ්නය තමයි අපි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා ගන්න නම් සාධාරණ සමාජයක් හදන්න නම්, අපට ආර්ථික ස්වාධීනත්වය අවශ්‍යයි. දේශපාලන ස්වාධීනත්වය අවශ්‍යයි. චින්තනමය, සංස්කෘතික ස්වාධීනත්වය අවශ්‍යයි. නිදහස් චින්තනයක් අවශ්‍යයි. වාද කරලා, තර්ක කරලා එය ගොඩනඟා ගත යුතු යි. දැන් මේක නම් රටක දියුණුවට කොන්දේසිය බ්‍රිතාන්‍යය, ප්‍රංශය, එක්සත් ජනපදය, ජර්මනිය ධනවත් රාජ්‍යයක් බවට පත්වෙන්නට මේක ප්‍රධාන හේතුවක්. තව හේතු තියෙනවා. අපේ වැනි රටවල් කොල්ලකා ධනය සූරා ගත්තා.
දැන් අපට මොකද වෙලා තියෙන්නේ. මේ ගැන පැහැදිලි කරන්න, මේ ගැන කතාකරන්න මම පුවත්පත් වාර්තා දෙක තුනක් උපුටා ගත්තා. එකක් මං තෝරා ගත්තෙ දි අයිලන්ඩ් කියන ඉංග්‍රීසි පුවත්පත. 2026 මැයි 16 වැනිදා. ඒකේ ඔන් ලයින් මුද්‍රණයෙන් ගත්තු වාර්තාවක්. එහි ශීර්ෂ පාඨය මං කියවන්නම්. මෙය නීරස කතාවක් වෙන්න පුළුවන්. නමුත් කොමියුනිස්ට් සමාජයක් නිර්මාණය කරන්න ක්‍රියා කරන ඔබ කොයි තරම් දුරක වුවත් අනතුරක් වුවත් ඒ කාර්යය කරන්න ඕනැ.
''Lanka's eligibility to drawnext IMFtranche of USD 700 milion hinges on restoration of cost recovering peicing for electricity and fuel 2026' may 16 The Island news paper
මේ වාර්තාව පළවුණේ මැයි 16 දා බව මම කිව්වා. ඒ වාර්තාවේ කියනවා අයිඑම්එෆ් එකෙන්, අන්තර්ජාතික මුල්‍ය අරමුදලෙන්, අපට එන්න තියෙන ඊළඟ වාරික දෙකේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන හත්සියයක මුදල ගන්න නම් ලංකාව ඉටුකළ යුතු කොන්දේසියක් තියෙනවා. මොකක්ද කොන්දේසිය ඛනිජ තෙල්, පෙට්‍රෝලියම් සහ විදුලිය විකුණන්න ඕනෑ පිරිවැය පිරිවැය නිරූපණය වන මිලට. තෙල් මිල ඉහළ යනවා නම් ආණ්ඩුවට බෑ සහන දෙන්න.
දැන් ආණ්ඩුව කියනවා නේ භාණ්ඩාගාරය උතුරනවා කියලා. ජනාධිපතිවරයා කියනවා ට්‍රිලියනයක් තියෙනවා භාණ්ඩාගාරෙ කියලා. විපක්ෂයේ ආර්ථික කරුණු ගැන කතා කරන මන්ත්‍රීවරයෙක් ඉන්නේ ප්‍රසිද්ධ එයා පාර්ලිමේන්තුවේ දී කියනවා භාණ්ඩාගාරය උතුරනවා. මේ අවුරුද්දෙ අගොස්තු මාසේ 28 ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහැදීම නිසා තෙල් මිල ගණන් ඉහළ ගියා.
එතනදි තෙල් මිල ඉහළ ගියාම ඔබ දන්නවා ප්‍රතිවිපාකය මොකක්ද කියා. හැම දේකට ම බරක්. දුප්පත් මිනිස්සුන්ට විශේෂයෙන් ම පීඩනය වැඩියි. රැකියා නියුක්තියට, නිශ්පාදනයට, ප්‍රවාහන... සමහර රටවල් ඒ තෙල් මිල ඉහළ යෑමේ කොටසක් තමන් විසින් දරා ගන්නවා. බංගලාදේශය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව ... නමුත් ලංකාවේ ඒක කරන්න බෑ. ආණ්ඩුවට ඕනැ වුණත් බෑ. සල්ලි තිබුණත් බෑ. ඇයි එහෙම කළොත් අර ඩොලර් මිලියන 700 ලැබෙන්නෙ නෑ. දැන් හයසිය අනූවක්... මොකක්ද මේ කියන්නේ අර චේ කියපු දේ ---------- මේ රටේ ජනතාව ඡන්දය දීලා මහත් බලාපෙරොත්තු තබාගෙන පත් කරපු ආණ්ඩුවට බෑ දැන් ආණ්ඩුවට අවශ්‍ය ස්වාධීන තීරණයක් ගන්න ආර්ථික වශයෙන්. කොන්දේසිවලට යටත්වෙල යි ඉන්නෙ. අපේ අතපය බැඳලයි තියෙන්නේ. අන්තර්ජාතික මුල්‍ය අරමුදල
ඒ විතරක් නෙවෙයි මේ අවුරුද්දෙ අයවැය ... තව උදාහරණ සිය ගණන්තියෙනවා. මම මේ උදාහරණයක් දෙකක් , කීපයක් තෝරල ගත්තෙ ඔබට මේ සටහන්වලින් ඒත්තු ගන්නන්න.
2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 2025 නොවැම්බර් 07 දා. 2025 ඔක්තෝම්බර් 10 දා එනවා අයිඑම්එෆ් දූත පිරිස ලංකාවට. ඇවිල්ලා ඒගොල්ල ප්‍රසිද්ධියේ කියනවා ඒ අය මොකක්ද කියන්නේ... 2026 buget must aline with IMF Progeam perameter 2026 අයවැය අයිඑම්එෆ් එකේ පැරා මිතියන්ට අනුගත විය යුතු යි. අනුගත නොවුණොත් මේ ආර්ථිකය ගෙල හිරකරන්නට, අයිඑම්එෆ් එකට, ඔවුන්ට පුළුවන්. ඔන්න ඇත්ත.
මේක දැන් මේ ආණ්ඩුවත් කියන එකක්. මම කියන්නම් 2025 පෙබරවාරි 8 දා ඒ කියන්නෙ මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාස දෙකක් විතර. මේ ආණ්ඩුවේ නායකයා කරපු ප්‍රකාශයක් ඩේලි මිරර් පත්තරේ තිබුණා. ඒකෙ සිංහල පරිවර්තනය මා ළඟ තියෙන්නේ. 2022 දී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම නිසා අපේ න්‍යාය පත්‍රය අනුව ආර්ථික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය රටට අහිමි විය. 2022 අගෝස්තු 12 දා බංකොලොත්භාවය ප්‍රකාශ කළා. දැන් විදේශ ණය ගෙවන්න බෑ. ගෙවන්නෙත් නෑ. මිට පස්සේ.. ඒක ගැන කතා කරගන්න අපි ගියා අයිඑම්එෆ් එකට. අන්තර්ජාතික මුල්‍ය අරමුදලට. මුල්‍ය අරමුදල උදව්වක් හැටියට වැඩසටහනක් දුන්නා. ඒකට ඒ අය කියනවා විස්තීර්ණ අරමුදල් සම්පාදනය කියා. එක්පෙන්ඩඩ් ෆන්ඩ් පැසේජ්. ඒකේ වටිනාකම ඩොලර් මිලියන 2.9 යි. අපේ මුළු ණය ප්‍රමාණය අනුව ඒක සොච්චමක්. නමුත් මේ ඩොලර් මිලියන 2.9 දෙන්නෙ කොන්දේසි රාශියකින් බැඳල. ඉතින් මේ අපේ ස්වරී ඡන්දයෙන් බලයට පත් කළාට ආණ්ඩුව ඒ ආණ්ඩුවට අපි කියන දේ අපට ඕනැ දේ නොවෙයි කරන්නට පුළුවන් අයිඑම්එෆ් එකේ නිරීක්ෂණයන්ට යටත්ව. ආණ්ඩුවේ නායකයා ඒක පිළිගන්නවා. මේක මා කියන දෙයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, ඔහු තව අවස්ථාවක කියනවා 2026 අයවැය ඉදිරිපත් කළාට පස්සේ ජනාධිපතිවරයා රැස්වීමකදි කියනවා කොළඹ දි, අපේ ආර්ථිකය දුවන්නේ අයිඑඒෆ් වල කොන්දේසිවලට යටත්ව. එය තිබෙන්නේ පරිවාස සමයක යි. දැන් මේ ස්වරී ස්වාධීන ශ්‍රී ලංකාව... ස්වාධීනත්වය කා අතේ ද තියෙන්නේ. අර වසර හිස් වචන නෙවෙයි ද?
අයිඑම්එෆ් එක හා ගනුදෙනු කළ යුතු යි. ගණුදෙනු කරගත යුත්තේ කුමන කොන්දේසි මත ද? එතැනයි මතුවන ප්‍රශ්නය. එතකොට මොනවද මේ අයිඑම්එෆ් පරාමිතින් කියන්නේ? අයිඑම්එෆ් පරාමිතින් කියන්නේ බදු වැඩි කරන්න. භාණ්ඩ හා සේවා අලෙවි කරන්න මිල නිරූපනයකට පිරිවැය නිශ්පාදන පිරිවැය නිරූපනය කරන්න. සුබසාධන වියදම් කප්පාදු කරන්න. විදේශ ආයෝජනයට රටේ දොරටු විවර කරන්න. ඒවට තියෙන බාධක අයින් කරන්න. ආර්ථික ක්‍රියාකාරීත්වයෙන් ආණ්ඩුව අයින් වෙන්න. මේ තමයි අයිඑම්එෆ් පරාමිතින්.
එතකොට මේ අයිඑම්එෆ් පරාමිතීන් අලුත් නෑ. කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයො හෝ කටයුතු කරන අය වශයෙන් මං හිතන්නෙ අයිඑම්එෆ් පරාමිතීන් වලින් නියෝජනය වන්නේ ධනවාදය... සුපිරිසිදු ධනවාදය... ඉතින් දේපළ ඇති පන්තියට දේශීය, විදේශීය පන්තියට රටේ ආර්ථිකයේ සම්පත් තමන්ගෙ සාක්කුවට පුළුවන් විදියට දාගත හැකි කොන්දේසි සහිතව. ඒක තමයි ඇත්ත. සම්භාව්‍ය ධනවාදය.. අද ඒක ඇවිත් තියෙනවා වෙන විදියකට. නියෝ ලිබරිලසම්. නව ලිබරල්වාදය. නව කිව්වට ඒකෙත් මුකුත් නෑ. මේ තමයි පැරණි සම්භාව්‍ය ධනවාදය. නමුත් පැරණි ධනවාදයත්, මේ නූතන ධනවාදයත් අතර වෙනසක් තියෙනවා. වෙනස පැරණි ධනවාදයේ දී රාජ්‍යයට ආර්ථිකයේ ඉඩක් තිබුණා. ආර්ථිකය හා සමාජය හැසිරවීමේ දී රාජ්‍යයට මැදිහත්වීමට තිබෙන අයිතිය පිළිගත්තා. නව ලිබරල්වාදය කියන්නේ නෑ... ඒ අයිතියත් රාජ්‍යයට නෑ. රාජ්‍යය මුළුමණින් ම ආර්ථිකයෙන් බැහැර වෙන්න, වෙළඳපොළට සියල්ල බාර දෙන්න. දැන් අපි ඉන්නෙ ආන්න එතැන. ඉතින් මේක හොඳ නම්..
ඉතින් මේක හොඳනම් රටේ ජනතාවට. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ මෙය හොඳද නිරකද, කොහොමද අපි හොඳද නරකද යන්න මනින්නේ? අපි මේ නව ලිබරල් ආකෘතියට යන්නෙ මේ අයිඑම්එෆ් වැඩ සටහනට හුඟක් කලින්. මේ අයිඑම්එෆ් වැඩ සටහනින් කළේ ඒ හුඟක් කලින් පටන් ගත්ත ක්‍රියාදාමයෙන් එළියට යන්න බැරි විදියට මේ රට හේත්තු කළා බිත්තියට ම. සිරකළා.
මේක පටන් ගන්නෙ 1977 දී. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව හඳුන්වල දීපු අර විවෘත ආර්ථිකය කියපු මිථ්‍යා නාමයෙන් හඳුන්වා දීපු මේ නව ලිබරල් ආකෘතිය යි. මේ නව ලිබරල් ආර්ථිකය හඳුන්වා දෙන කොට අපට මොකක්ද කිව්වේ. එතෙක් තිබුණු ආර්ථිකය වර්ධනය වුණේ නෑ. සමාජයේ රැකියා විරහිතභාවය තිබුණා. ඒ සමාජය දුප්පත්. ඒ සමාජයේ නූතන තාක්ෂණය නෑ. ඒ නිසා මේ අලුත් වට්ටෝරුව අනුගමනය කරන විට ආර්ථිකය වැඩෙනවා. මිනිස්සුන්ගෙ අතට එන ආදායම වැඩි වෙනවා. ජීවන මට්ටම ඉහළ යනවා. නව පරිභෝජන මට්ටම් හඳුන ගන්න ලැබෙනවා. භාණ්ඩ හා සේවා සුලබ වෙනවා. ආර්ථික සමෘද්ධිය ඇති වෙනවා. දැන් අවුරුදු 48 ක්.
අපි බලමු ආණ්ඩුවෙම සංඛ්‍යා ලේඛන අනුව මේක මම හදන සංඛ්‍යා ලේඛන නෙවෙයි. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලත්, මහ බැංකුවෙ සංඛ්‍යා ලේඛන වුණත්, ලෝක බැංකුවෙ සංඛ්‍යා ලේඛන වුණත් අඩුපාඩු, වැරදීම් තියෙනවා. හැබැයි එකක තියෙනවා. ඒ සියල්ල පිළිඅරගෙන... මොකද දැන් වෙලා තියෙන්නේ කියා අපි බලමු.
දැන් අපේ රටේ පවුල් ඉන්නවා මිලියන 5. 7 ක්. පවුල් පනස් හත් ලක්ෂයක්. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුවෙ සංඛ්‍යා ලේඛන අනුව මේ පවුල් පනස්හත් ලක්ෂයෙන් පවුල් තිස්හත් ලක්ෂයක් මිලියන 3. 7 ක් ම ජීවත්වීම සඳහා ආණ්ඩුවෙන් උදව් ගන්නවා. එක්කො අස්වැසුම, එහෙම නැත්තං සමෘද්ධිය, එහෙම නැත්තං අනාථාධාර.... ඒවා නැතුව ඉන්න බෑ. දැන් අපි කල්පනා කරමු, අවුරුදු 48 ක දි හඳුන්වා දීපු ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කියපු සුන්දර ලෝකයේ දේවල් තියෙනවද? හිතන්න පවුල් 57 ලක්ෂයෙන් පවුල් 37 ලක්ෂයකට දෙපයින් හිටගෙන ඉන්න බෑ. දරුවන්ට කන්න නෑ. ලෙඩට බෙහෙත් නෑ, අවුරුදු 48 කට පස්සෙ...
ඊට පස්සේ තව මොනවද දැන් තියෙන ප්‍රතිපත්ති. දැන් අපේ සමාජයේ ජනගහනයෙන් ඉහළම ආදායම ලබන පිරිස් බෙදන්න පුළුවන් නේ. ඉහළම ආදායම ලබන සියයට එක, ඉහළම ආදායම් ලබන සියයට දහය, දාහ... ඒ ආදි වශයෙන්. මම කලින් කී මූලාශ්‍රය අනුව අපේ රටේ ජනගහනය ඉහළ ම ආදායම ලබන සීයට එක, ඒ් ගොල්ලන් පරිභෝජනය කරනවා රටේ වාර්ෂික දළදේශීය නිෂ්පාදිතයෙන් සියයට 22 ක්. අපේ බත් පිඟානෙන්. එතකොට සීයේට 99 කට තමයි කොටස. ඊළඟට කියනවා ජනගහනයෙන් ආදායමෙන් පහල ඉන්න සියේට පනහට දළ දේශීය නිෂ්පාදිතයෙන් උරුම වන පංගුව 14% යි. උඩම ඉන්න 1% භුක්ති විඳිනවා රටේ ජාතික ආදායමෙන් සියේට 14 ක්. යට ඉන්න 50% ට ම ලැබෙන්නේ සියේට 14% යි. අපේ රටේ ජනගහනයෙන් හැම හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක් ම දිළින්දෝ. දුප්පතුන්. දුප්පත්කම ගණන් බලන ක්‍රම තියෙනවා. දැන් අපට මේ ඊයේ පෙරේදා ඔබත් දකින්න ඇති ලෝක බැංකුව තෑග්ගක් දුන්නා කියලා තමයි කියන්නේ. මොකක් ද? ජූලි පළමුවැනිදා ලෝක බැංකුව කිව්වා ශ්‍රී ලංකාව පහල මැදි ආදායම් ලබන රටක සිට ඉහළ මැදි ආදායම් ලබන රටවල් කණ්ඩායමට ඇතුළත් කියා. ඉතින් ඒ ගැන අපේ රටේ හුඟක් අය සතුට පළ කළා. සුබ පතල තිබුණා ආණ්ඩුවේ ජයග්‍රහණයක් කියලා. මට නං ඒ ගැන හුඟක් ප්‍රශ්න තියෙනවා. අපි ඒ ගැන පස්සෙ බලමු.
ඉහළ මැදි ආදායම් ලබන රටක් වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයේ ආදායමින් ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් හාරදාස් තිස්හයේ සිට දාහතරදාස් තුන්සිය හැටපහ දක්වා වූ ප්‍රමාණයයි.
අපේ රටේ වැඩි දෙනෙක් දිළිඳුකමෙන් ඉන්නේ. කොළඹ තියෙනවා තව ආයතනයක් දරිද්‍රතා විශ්ලේෂණ ආයතනය කියලා. ඒ ආයතනය කියන විදියට මේ රටේ ජනගහනය සියේට තිහක් 30% දුප්පත්. දුප්පත්කමේ රේඛාවේ පහල. මේ තමයි නව ලිබරල් ක්‍රමයේ නැත්නම් අපි අහුවෙලා තියෙන බන්ධනයේ ප්‍රතිඵල.
ඉතින් මට මෙතැනින් අමතර කාරණයකට යන්නෝනැ, මේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේ රටේ බොහෝ දෙනා අතර විශ්වාසයක් තියෙනවා, මේ ලෝකයේ දුප්පත් ජනතාවගේ යහපත සඳහා දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද හරිම අවංක යහපත් ගුණගරුක, සාධු සම්පන්න, ආයතන දෙකක් කියලා. නැහැ. කොහොමද මේ ආයතන දෙක බිහිවෙන්නේ?
දිග කතාවක්... මං හිතන්නේ කොමියුනිස්ට් පක්ෂයේ සහෝදරවරුන් දන්නවා ඇති. මේ ආයතන දෙක බිහිවෙන්නේ මෙහෙමයි. ඔබ දන්නවා 1500 ගණන්වල සිට බටහිරයන් ලෝකය යටත් කර ගත්තා. යටත් කරගෙන ඒ රටවල ධනය කොල්ලකා ගන්නවා. පැහැර ගන්නවා. දැවැන්ත මුදල් ප්‍රමාණයක්. මම ඔබට එක නිදර්ශනයක් කියන්නම්. ඉන්දියාවේ සිටිනවා ආර්ථික විද්‍යාඥ යුවළක් මහාචාර්ය ප්‍රභාත් පත්නායක් හා මහාචාර්ය උත්සා පත්නායක් .....


ඒ දෙන්නා අධිරාජ්‍යවාදයේ න්‍යාය යනුවෙන් පොතක් ඹීට අවුරුදු දෙක තුනකට පෙර පළකළා. ඒ ග්‍රන්ථයෙන් කියනවා මේ දෙන්නා බ්‍රිතාන්‍යයන් - ඉංග්‍රීසීන් ඉන්දියාව යටත් කරගත්තට පස්සෙ 1738 සිට 1938 දක්වා කාලය තුළ ඉන්දියාවෙන් පැහැරගත් ධනයේ වටිනාකම අවුරුදු 200 ක කාලය අතර ඉන්දියාවෙන් පැහැරගත් ධනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන හතළිස් හතක්. ට්‍රිලියනය කියන ඉලක්කම ලියනවා නම් කොළයක එකයි බිංදු 12 ක්. කෝටි ලක්ෂයක්. කෝටි ලක්ෂයේ ඒවා 45 ක් පැහැරගෙන. ඒක නෙවෙයි තවත් එහාට ගියොත් ඔබ අහල ඇති හැම අවුරුද්දක ම අන්තිම දවස් තුනේ ස්විට්සර්ලන්තයේ දාඔස් කියන නගරයේ තියෙනවාඔය ලෝක ධනවතුන් රැස්වන ආර්ථික සමුළුවක්. මේ අවුරුද්දෙ මේ සමුළුවට වාර්තාවක් ඉදිරිපත්කළා එංගලන්තයේ තියෙන සමාජ සේවා ආයතනයක්. ඒකට කියනවා ඔක්ස්ෆෑන් කියලා. ඒගොල්ලො කියනවා එක්දහස් හත්සිය ගණන්වල සිට නමසිය ගණන් දක්වා ඉන්දියාවෙන් ඉංග්‍රීසීන් පැහැර ගත් ධනය ට්‍රිලියන 78 යි. අර ප්‍රශාෂ් රත්නායක සහ උත්පලා රත්නායක මෙන්න මේ විධියට තමා ඔවුන් ධනවත් වුණේ. මේ ඔවුන් නිර්මාණය කළ මේ ක්‍රමය 20 වැනි සියවසේ මැදබාගෙද කඩා වැටෙනවා. ඒකේ ප්‍රධානතම සංධිස්ථානයක් තමයි දෙවැනි ලෝක යුද්ධයේ අවසානයත් සමඟ .දැන් මේක ලෝකයේ ලොකු රටවල් දැක්කා. දැකලා ඔවුන් මොකද කළේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බොහෝ රටවල් ජාතික නිදහස ලබාගත්තා. අපි 48 ඉන්දියාව 47 බුරුමය 47 මේ අදි වශයෙන් නිදහස දිනා ගත්තා. ඔවුන් ඊට පස්සේ සැලැස්මක් හැදුවා ඍජු යටත්විජිත නැති වුණත්, ඒ පැරණි යටත් විජිත තව දුරටත් තමන්ගේ අවනතභාවයේ තබා ගෙන ඒ රටවල ආර්ථික සාරය උරාබීම සඳහා. ඒ සඳහා හදපු ආයතන එකක් තමයි අයිඑම්එෆ්. අන්තර් ජාතික මුල්‍ය අරමුදල. අනෙක් එක ලෝක බැංකුව. නමුත් අපේ රටේ හරිම ඛේදජනකයි මේ රටේ උගත්තු, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, පූජ්‍ය පක්ෂයේ ප්‍රධානීන් සහ අපේ රටෙ මේ කොමියුනිස්ට් පක්ෂය සහ තවත් වමේ පක්ෂ දෙක තුනක් හැරුණහම සියලු දේශපාලන පක්ෂ ඒකඟයි අයිඑම්එෆ් එකට.
ලෝකයට පහල වෙලා ඉන්න දෙවි කෙනෙක්. ඒක නේ ඊයේ පෙරේදා ඔබ දකින්න ඇති අර ඒකාබද්ධ විපක්ෂය කියල කණ්ඩායමක් තියෙන්නේ, ඒ අය ලියුමක් ලියනවා ලංකාවේ ආණ්ඩුව දූෂණ කරනවා. එඅයිඑම්එෆ් එකට... දෙන ණය නතර කරන්න කියලා. ඒ වගේ දේශපාලන අන්ධභාවයක්, අබ්බඝාත තත්වයක් අපේ රටේ විපක්ෂයේ තියෙනවා.
අයිඑම්එෆ් පිහිටුවල තියෙන්නේ දූෂණය නැති කරන්න නෙවෙයි. ඔවුන් දූෂණයට විරුද්ධව කතා කරන්නේ ඔවුන් දෙන ණය හොරා කෑවොත් ඒවා ආපහු ගන්න බැරි නිසා. නැතිව මේ රටවල් පිරිසිදු කරන්න නොවෙයි. ඒගොල්ලන් එහෙම පිරිසිදු කරපු තැනක් නැහැ. ලෝකයේ දරුණුම දූෂිතයෙක්ට දරුණුම ඒකාධිපතියෙක්ට උදව් කරන්නේ අයිඑම්එෆ් එක සහ ලෝක බැංකුව.
අපි දුක් විඳින ප්‍රශ්නය තමයි අපේ රටේ උගත්තු හිතන්නෙ මොනවද? ආචාර්ය, මහාචාර්ය ගෙන් බහුතරය, මාධ්‍යවේදීන්ගෙන් බහුතරයක්, ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ පිළිගන්නවා මොවුන් තමා අපට ඉන්න අපේ ගැලවුම්කාරයා කියා. මෙන්න මෙතැන අපි ඉන්නෙ. ඉතාම මේ රටේ බහුතර ජනතාව ?????? මෙන්න මේ උගුලේ තමයි අපි හිරවෙලා ඉන්නේ.
මම නැවත සම්පිණ්ඩනය කරනවා අයිඑම්එෆ්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ගෝලීය ප්‍රග්ධනයේ සිරකාරයෙක් වෙලා ඉන්නවා අපි. ආර්ථික ස්වාධිපත්‍යය, ඒක ජනාධිපතිම පිළිගන්නවා නේ, අපි ඉන්නේ පරිවාසයක කියලා, අනුන්ට හිරිහැර කිරීම, ඒ විතරක් නොවේ
අර චේ කිව්වේ මොකක් ද? ආර්ථික ස්වාධිපත්‍යය නැතිවුණහම දේශපාලන ස්වාධිපත්‍යය නෑ කියලා. දැන් අපට ඒක වෙලා. මේ ගැන තියෙනවා උදාහරණ.
තවත් එක කරුණක් සඳහන් කරන්නම්. සිය ගණනක් නෙවෙයි මංහිතන්නේ දාස් ගණනක්. එකක්, පහුගිය ජුනි 21 වැනිදා ලංකාවට එනවා, ඇමරිකාවේ මධ්‍යම ආසියානු කටයුතුභාර සහකාර රාජ්‍ය ලේකම් එයාගේ නම පෝල් කපූර්. පෝල් කපූර් ප්‍රසිද්ධියේ කියනවා ශ්‍රී ලංකාවේ නාවුක හමුදාව ඇමරිකානු ඉන්දු පැසිෆික් ව්‍යාපෘතියේ හවුල්කරුවෙක් ය කියා. මේක හරි බරපතල කාරණයක්. ඉන්දු පැසිෆික් ව්‍යාපෘතිය යනුවෙන් කියන්නේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අද ඔවුන් ගේ ආර්ථික ප්‍රතිපත්තියට අභියෝගයක් සේ මතුවී තිබෙන චීනය,... චීනය අද ඇමරිකාවට සහ බටහිර රටවල ආර්ථික විතරක් නෙවෙයි ආර්ථික, දේශපාලන මිලිටරි ආධිපත්‍යයට ලොකු අභියෝගයක්. කොයි තරන් නම් අභියෝගයක් ද මංඔබට කිව්වා 90 ගණන්වල ලෝකය... අංක 1 ආර්ථිකය... ඇමරිකාව, අංක 2 ජපානය, දැන් අංක 1 ආර්ථිකය ඇමරිකාව තවමත්, අංක 2 චීනය, සමහර විශ්ලේෂණ අනුව චීනය දැනටමත් ඇමරිකාව පසුකර ගිහින් තියෙන්නේ. මුදලේ ක්‍රයශක්ති වටිනාකම අනුව ආදායම එහෙම නම් අද බටහිර කඳවුරට ඕනැ චීනය වට්ටන්න, බිඳ දමන්න, සෝවියට් දේශය බිඳ දැමූ ආකාරයට. එතකොට මේඉන්දු පැසිෆික් ව්‍යාපෘතිය කියන්නේ චීනය බිඳ දැමීම සඳහා චීනය පරාජය කිරීම සදහා අවශ්‍ය වුණොත් චීනය පරාජය කරන්නට යුද්ධ කිරීම සදහා සකසා තිබෙන ව්‍යාපෘතියක්. එහෙම ව්‍යාපෘතියක සාමාජිකයකු වන්නේ කොහොමද ශ්‍රී ලංකා නාවුක හමුදාව... කවුද ඒකට කැමැත්ත දුන්නේ. ගිය සැරේ ඡන්දෙ දීපු කවුරු හරි කිව්වද අපි ඉන්දු පැසිෆික් උපායට සම්බන්ධ වෙන්න කියා. යම් හෙයකින් ඇමරිකාව චීනය සමඟ යුද්ධයකට ගියොත් ඔබ කැමතිද ඇමරිකාව වෙනුවෙන් තුවක්කු අරගෙන සටන් බිමට යන්න.? අපේ ගුවන් තොටුපළ, අපේ වරාය ඒ හමුදා
අපේ දේශපාලන, ආර්ථික ස්වාධිපත්‍යය පැහැර ගෙන තිබෙනවා. දේශපාලන ස්වාධිපත්‍යය පැහැර ගෙන තිබෙනවා. මෙතැනට අපි ආවේ නිදහස ලැබීමෙන් පසුව අපට ගැලපෙන, ක්‍රියාත්මක කළ හැකි ආර්ථික මාදිලියක් හොයා ගැනීමට අසමත්වීම නිසයි. මම මේක අවසන් කරන්නම් තව එක කියමනක් පමණක් සඳහන් කරමින් මම දෙතුන් පාරක් කිව්වා ඔබ දන්නවා ලෝකේ තවමත් අංක 1 ආර්ථිකය හිමි ඇමරිකාවට. 2026 අවුරුද්දේ මැදභාගයේ ගණන් බලා ඇති විදියට ඇමරිකාවේ ආර්ථික උත්පාදනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 27 යි. එතකොට ඇමරිකාවේ ඒ ආර්ථික ශක්තියට අභියෝගයක් ඒල්ල කරන්නට සමත් චීනයයි. ඒ අභියෝගය පරාජය කිරීමටයි ඉන්දු පැසිෆික් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මේ ව්‍යාපිතයට ගැටගැහීමෙන් අපේ ස්වාධීනත්වයට ආර්ථික ස්වාධීනත්වය පිළිබඳව ඒ අංක ඒකේ ආර්ථිකය තියෙන රටේ ඉතා ලොකු සංවාදයක් හටගෙන තියෙනවා. මේ සංවාදයේ දී ඇමරිකාවේ විශිෂ්ට ගණයේ දේශපාලන නායකයකු ගේ ප්‍රකාශය සඳහන් කර මම නතර කරන්නම්.
මේ නායකයා තමයි ඇමරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා ඒබ්‍රහම් ලින්කන්. වාදයක් නෑ ඔහු ඉහළ බුද්ධියක් තිබු විශිෂ්ට ගණයේ නායකයෙක් ඔවුන්ගෙ පැත්තෙන්. ලින්කන්. ලින්කන් කියනවා මම ඔය තීරු බදු ගැන එච්චර දන්නේ නෑ. නමුත් එක දෙයක් මම දන්නවා. මොකක්ද ඒ. අපි පිටරටවලින් භාණ්ඩ මිලදී ගත්තොත් අපිට භාණ්ඩය ලැබෙනවා. අපේ සල්ලි පිටරටට යනවා. අපි භාණ්ඩය මේ රටේ හැදුවොත් භාණ්ඩයත් අපේ. සල්ලිත් අපේ. එහෙම තමයි ඔය රටවල් දියුණු වුණේ. නමුත් ඔවුන් අපට දේශනා කරන්නේ ඊට හාත්පසින් වෙනත් ධර්මයක්. කුමකටද තව දුරටත් මේ රටවල ආර්ථික සාරය පැහැර ගෙන මේ රටවල් දිළිඳුභාවයේ තබා ගැනීම සඳහා. මෙන්න මේ අර්බුදය අභියෝගය ජය ගැනීම තමයි අපට තියෙන , ශ්‍රී ලංකාව හමුවේ තියෙක අභියෝගය. එය ජයගන්න පහසු නෑ. ඊට එක හේතුවක් තමයි චින්තනමය දුගීභාවය. මෙරටේ ප්‍රධාන විපක්ෂය ඉන්නේ අර ධර්මය පිළිගත්ත තැන. මෙරටේ උගත්තු ඉන්නෙ එතැන. මෙරටේ ජනමාධ්‍ය ඉන්නෙ එතැන. මනුෂ්‍ය සමාජයට නොහැිමෙරටේ නීතිඥයෝ ඉන්නේ එතැන. ඉතින් මම හිතනවා සංඛ්‍යාවෙන් කුඩා වුණත් මේ වමේ පක්ෂ, වාමවාදී පක්ෂවලට බරපතල වගකීමක් පැවරිලා තියෙනවා

