උණුසුම් පුවත්කාලීනසෞඛ්‍යය

ඩෙංගු මරණ පනහක් – රෝගීන් 70,000 ඉක්මවයි

මදුරු බෝ කරන්නන් කෙළින් ම උසාවියට

ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගත තත්වය හේතුවෙන් මේ වන විට ඩෙංගු රෝගින් සංඛ්‍යාව 70, 000 ඉක්මවා ගොස් තිබෙන අතර මරණ 50 කි.

සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 52.50 කට වැඩි රෝගීන් ප්‍රතිශතයක් වාර්තා වන්නේ  බස්නාහිර පළාතෙනි.බස්නාහිරින්න් හඳුනා ගෙනැති රෝගීන්  සංඛ්‍යාව 37, 000 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රට පුරා තදින් පැතිර යන ඩෙංගු වසංගත තත්වය හේතුවෙන් කොළඹ ඇතුළු කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇත. ඒ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර ඊයේ (15) සිට දිස්ත්‍රික්ක 15 ක් නම්කොට ඇති අධි අවදානම් කලාප 60 ක ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කොට තිබේ.  ඒ සඳහා ආරක්ෂක හමුදාව, පරිසරපොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදා ගනී.

මදුරුවන් බෝවන ස්ථාන පවත්වා ගෙන යන අයට සෞඛ්‍ය නිලධාරීන් දඩ ගැසිම වෙනුවට ඔවුන් කොළඹ උසාවියට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.