උණුසුම් පුවත්කාලීන

උතුරේ විශිෂ්ටතා දැක්වූවන්ට ජනපති පැසසුම්

උතුරේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට ප්‍රමුඛතා

ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරේ සෞඛ්‍ය හා අධ්‍යාපන ගැටලු විසඳීමට කඩිනමින් ප්‍රතිපාදන ලබා දෙන වග ජනපති කියයි. ඒ අනුව යාපනය ශීක්ෂණ රෝහලසඳහා ඉඩමක් වෙන්කර දීමටත් ගුරු පුරප්පාඩු වෙනුවෙන් බඳවා ගැනීමට මුදල් වෙන්කිරීමටත් ජනපතිවරයා පියවර ගන්නේ යැ යි ද කියයි.

හෙතෙම මේ බව කීයේ ඊයේ (06) යාපනය දිස්ත්‍රක් ලේකම් කාර්යාලයේ දී සෞඛ්‍ය, අධ්‍යාපන ක්ෂේත්‍රයන් හි හා තරුණ ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවක දී ය. මෙකී ක්ෂේත්‍රයන් හි පිරිස් තුන් සීයයකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

උතුරු කරේ ජනතාව ජාතික ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙලක් දියත් කරනා බවත් එහිලා සෑම සහායක් ම නොපිරිහෙළා ලබා දෙන බවත් කී හෙතෙම රාජ්‍ය හා තරුණ තරුණියන් ගේ දායකත්වය නො අඩුව ලබා දෙන්නැ යි ද හේ ඉල්ලී ය.

යාපනය විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු, භෞතික සම්පත් හා මානව සම්පත් වැඩි දියුණුවට ඇවැසි යෝජනාවලියක් එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරියක ජනපති අත පත් කළා ය.

ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යාපනය දිසා ලේකම් එස්. ශිවාබාලසුන්දරන්, හිටපු උප කුලපති මහාචාර්ය වසන්ති අරසරත්නම් යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යායන කාර්ය මණ්ඩලයේ ඇචාර්ය මහාචාර්යවරුන් පිරිසක් ද ජනපති ගේ මේ හමුවට ඒක්ව සිටියහ.

අනතුරැව ජනාධිපති වික්‍රමසිංහ මහතා අධ්‍යාපන, ක්‍රීඩා, නාට්‍ය හා සිනමා කලාව හා සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයන් හි විශිෂ්ටතා දැක්වූවන්ට සිය සුබාශිංසන පිරි නැමීම ද ජනාධිපතිවරයා සිදු කළ බව ජනපති මාධ්‍ය ඒකකය දක්වයි.