කාලීනසංස්කෘතික

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය

නාවික හමුදාවේ පූර්ණ අනුග්රහය, රැකවරණය හා බැතිමතුන් ගේ සෙසු අවැසිතා මත...

 

 

 

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය" යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා ගේ මෙහෙයවීමෙන්" යාපනය  දිස්ත්‍රික් ලේකම්  ඒ. සිවබාලසුන්දරම් මහතා ගේ සංවිධායක දායකත්වයෙන්ඉකුත්   23 සහ 24  දෙ දින උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, එහි අවසන් පූජා අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ බැතිමතුන්  විශාල පිරිසක් මෙන්ම ඉන්දීය රජය නියෝජනය කරමින් නියෝජිතයෙකුද සහභාගී විය.

කච්චතිව් දූපතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකළ  ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා සෑම වසරකම අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම වෙනුවෙන්  ශ්‍රී ලංකා නාවික හමුදාව සුවිශේෂි දායකත්වයක් දක්වනු ලබයි.

ඒ අනුව, මෙවරද මෙම දේව මංගල්‍යය ඉතා උත්කර්ෂවත්ව පැවැත්වීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සියලු පහසුකම් සම්පාදනය කිරීමට කටයුතු කෙරිණි. ‍එහිදී" යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණය වී බැතිමතුන් හට අවශ්‍ය පානීය ජලය, ආහාර, සනීපාරක්‍ෂක පහසුකම්,  තාවකාලික කුටි, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කිරීම මෙන්ම, විදුලි බල පහසුකම් ස්ථාපනය, බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම මෙන්ම, වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත වෛද්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමද නාවික හමුදාව විසින් සිදු කෙරිණි.

තවද, මෙම දේව ‍මංගල්‍යය අවස්ථාව සඳහා ක්‍රිස්තියානි  පූජකවරුන්, පියතුමන්ක, න්‍යා සොහොයුරියන්,  උතුරු පළාතේ රාජ්‍ය නිලධාරීන්" නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණිය ඇතුළු සේවා වනිතා සාමාජිකාවන්, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා ඇතුළු එම විධානයේ නාවික හමුදා පුද්ගලයින්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සාමාජිකයන්, ආරක්ෂක අංශ සාමාජිකයන් සහ මෙරට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා මහතා ප්‍්‍රමුඛ නිලධාරීන් කච්චතිව් හි
යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමා ගේ මෙහෙයවීමෙන් දේව මංගල්‍යය මෙසේ සිදු වූ වගයි....
හෙළ යේ චාරිත්‍රානුකූලව ......
මේ තවත් පිරිසක් කච්චතිව් වෙත ගොඩ බැස නාවික භටයන් ගේ ආරක්ෂාව මැද සාන්ත අන්තෝනි දේව මන්දිරය බලා ගමන් ගන්නා අයුරු