ජගත් ගේ සතියේ සටහන - 134






ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් පවත්වා ගෙන යන රැළි මාලාවේ පොළොන්නරු රැළියත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේ දී පවත්වන ලද ජන සටන රැළියත් නිසා මේ සති අන්තයේ රටේ දේශපාලනය උණුසුම් වී තිබුණා.
ටී. බී, සරත්, වසන්ත සමරසිංහ, මහින්ද ජයතිස්ස ආදි නායකයින් මෙහිදී ජනතාව ඇමතූ නමුත් ගොවි ජනතාවට සම්බන්ධ කෘෂිකර්ම ඇමති කේ. ඩී. ලාල්කාන්ත හෝ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මෙම රැළියේ දක්නට නොලැබීම ගැන ගොවි ජනතාව විවිධ අදහස් පළ කළා. 
