ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනතාක්ෂණය

‘ලයිට් කෝස්’ භාවිතා කරමින් මාළු ඇල්ලූ ධීවරයින් 4 ක් බෝට්ටු 3 ක් නාවික හමුදාවෙන් අල්ලා ගනී

මෙහෙයුම චුණ්ඩිකුලම් මුහුදේ දී

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් 11 වැනි දින යාපනය චුන්ඩිකුලම් හා කඩ්ඩයිකාඩු මුහුදු හා වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානයට අයත් යාත්‍රා සහ වෙත්තලකේණි නාවික ස්ථානගත කිරීම මඟින් සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සැකකරුවන් සිව් දෙනෙකු (04), ඩිංගි යාත්‍රා තුනක් (03) සහ කිලෝ ග්‍රෑම් එක්දහස් නවසියයකට (1,900) අධික මත්ස්‍ය තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකරගත් පුද්ගලයින් පුත්තලම දිස්ත්‍රීක්කයේ  මදුරංකුලිය සහ පල්ලිය වාසල්පාඩුව යන ප්‍රදේශයන්හී පදිංචි පුද්ගලයන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, ඩිංගි යාත්‍රා සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

------------------------      -----------------------     -----------------------

ඇම්බර්ග්‍රිස් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

 එමෙන් ම මන්නාරම සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 11 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, වන සත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනත ප්‍රකාරව වාණිජ භාවිතය තහනම් කළ ඇම්බර්ග්‍රිස් (Ambergris) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.