විනෝදාස්වාදවිශේෂාංග

කතුරු මිතුරු දින 100යි

චාර්ය ජයලත් මනෝරත්නයන් මිය යෑමට පෙර රංගනයෙන් දායක වූ අවසන් සිනමාපට අතර ‘කතුරු මිතුරු’ සුවිශේෂි නිර්මාණයකි. සිකුරු හතේ, සුහද කොකා සිනමා නිර්මාණවලට පසුව ගිරිරාජ් කෞෂල්‍යගේ කතාව, තිර පිටපත සමඟ අධ්‍යක්ෂණය කළ , “කතුරු මිතුරු” සිනමාපටය පසුගියදා දින100 පසු කළේය. එය ආලංකුලම ෆිල්ම් වෙනුවෙන් බාසුරු සිරිවර්ධනගේ නිෂ්පාදනයකි. දින 100 පසු කරන විට හත්ලක්ෂ විසිපන්දහකට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිනමාපටය නරඹා තිබිම විශේෂත්වයකි. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයට 60,70,80, දශකවලින් පසු වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹූ සිනමා පට අතරට මෙම සිනමා පටය එක්වෙයි. මේ වන විට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ජපානය, එංගලන්තය සහ ඉතාලිය යන රටවල මෙම චිත්‍රපටය ආදායම් වාර්තා තබමින් තිරගත වේ. ආචාර්ය ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගිරිරාජ් කෞශල්‍ය, සම්පත් ජයවීර, ගිහාන් ප්‍රනාන්දු, මොරින් චාරුණි, ජයනි සේනානායක, රංග ජයකොඩි සහ සිනමාවට හඳුන්වා දුන් රසාංජන නන්දසිරි සහ සඳනි හෙට්ටිගොඩ රංගනයෙන් එක්වෙති.