සෙනෙහෙ ගඟුලෙ හුදෙකලාව
ගිගිරි හඬ නංවා... කෙවිලියක හැඬුවා...
ඈත සුළඟේ පාව ඇවිදින් කුමුදු මල් පිපුණා....
සොඳුරු සුමිහිරි සිහින දකිමින් කවි කතා ගෙතුවා...
ගගන පීරා පාව යන්නට ආයුබෝවේවා...
හුදකලා වූ ලෝකයේ...
සුදු නෙළුම් ඇද්දෝ කොහේ...
වාන් දමනා සෙනෙහෙ ගඟුලේ
ඔබට මා පමණයි...
සොඳුරියේ
මටද ඔබ පමණයි...
ඔබට මා පමණයි...
මටද ඔබ පමණයි...
මටද ඔබ පමණයි...
- ඇන්ජලා පැල්පොළ -
නෙතට කඳුලක් දුන් උදෑසන දසුන.
පොඩි දුවක් හෙමින් යයි උදේ පාසැල බලා
ඉරුණු පොත් බෑගයෙන් පොතක් මට ඉඟිකළා
විදුලි බිල තරවටු කරපු සුදු රැළි ගවුම පොඩිවෙලා
දෝනි මා දුටු සැණින් දෙපා ඉක්මන් කළා.
දෙකට ගෙතු කොණ්ඩෙ අග රබර් පටියක් තිබුණි
පඬු පාට විසල් ඇස් ලොකු කතාවක ගිලුණි
මලානික මුත් මුහුණ මට සිනාවක් පිදුණි
උදේ කෑමට මුකුත් නුඹට තිබුණ ද දුවණි
අල්ලට වුවත් සිඟමන් දෙන කෙනෙක් නැති
වල්කොළ අතුට සිටියොත් සුරැකුමක් නැති
නිල් කොළ මතම කැරකෙන රෝදයක දැති
කල්ගිය වැරැලි කුණු දැක අකුරු සඟවති
සදා කල්හිම පැතුව හෙටක් ගැන සිහිනෙදී
අකුරු අහුලා ගනින් දුටුව හැම මොහොතෙදි
වැටට නියරට කන්න ගොයම් පීදෙනු නොදී
හෙට නැගෙන හිරුට වුව එරෙහි වෙන් වරදෙදී