උණුසුම් පුවත්

කාන්තාවක් සමග පුද්ගලයන් පස් දෙනෙකු හෙරොයිනුත් එක්ක අල්ලං

එස්. ටී. එෆ් යුක්තිය මෙහෙයුමට සමගාමීව කරනා වැටලීමක්

හෙරොයින් ග්‍රෑම් 12, මිලි ග්‍රෑම් 230 ක් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 24 -  43 අතර වයසේ පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිසිිියට භාර  දී ඇත.කොලොන්නාව සංහිද සෙවණ මහල් නිවාස සංකීර්ණයේ කරන ලද විශේෂ සෝදිසි මොහයුමේදී ය.

''යුක්තිය" මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශය, සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය, ජයවර්ධනපුර කඳවුර" මූලස්ථාන කඳවුර" ගෝනහේන පසු මූලස්ථානය" සෝදිසි හා බෝම්බ නිශ්ක්‍රිය කණ්ඩායම යන කණ්ඩායම් සමග ඒකාබද්ධව වැල්ලම්පිටිය පොලිස් වසමේ සංහිඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය ඊයේ (24)  වටලා විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇත.

එහි දී හෙරොයින් ග්‍රෑම් 12, මිලි ග්‍රෑම් 230 ක් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 24  -  43 අතර වයසේ පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.