ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙස දැඩි ලෙස අවවාද 2026-08-090 ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක් මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින්න - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (2026/08/09) නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත මෙම විශේෂ දැනුම්දීම සිදු කරනු ලබයි. අදාළ නිවේදනයට අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩි විය හැකි අතර, ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීමේ වැඩි හැකියාවක් පවතී. මෙම තත්ත්වය වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවදානම් සහගත බැවින්, එම ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යන එක්දින සහ වෙරළාසන්න රැකියාවේ නියුතු කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙස දැඩි ලෙස අවවාද කරනු ලැබේ. එසේම, අවදානම් තත්ත්වයක් වාර්තා නොවන සෙසු ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත් වන ධීවර යාත්‍රා ද, මාතර සිට පොතුවිල් දක්වා නම් කරන ලද මෙම අවදානම් මුහුදු කලාපය තුළ ධීවර රැකියාවේ නොයෙදෙන ලෙස විශේෂයෙන් දැනුම් දෙනු ලැබේ. පවතින කාලගුණ තත්ත්වය සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂාව පිළිබඳ උපදෙස් අකුරටම පිළිපදිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවරයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ක්‍රිකට් ක්‍රීඩක සුබසාධනයේ සභාපතිකම කුසල්ට Next Article මඩිහහේවා ද දිවි සැරිය හමාර කරයි