උණුසුම් පුවත්කාලීනවිශේෂාංග මඩිහහේවා ද දිවි සැරිය හමාර කරයි 2026-08-090 අඩසිය වසකට වැඩි කලක පටන් රටට දැයට සමයට කළ මෙහෙයක තරම... ලාංකේය රාජ්‍ය සේවය මෙන්ම කම්කරු ක්ෂේත්‍රය වෙනුවෙන් දශක පහකට අධික කාලයක් ඉමහත් මෙහෙයක් කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මහින්ද මඩිහහේවා මහතා දිවි ගමන නිමා කරන ලදි.. දිවි ගමන නිමා කරන විට ඔහු අසූ දෙවැනි වියේ පසු විය. 1967 වසරේදී කම්කරු දෙපාර්තමේන්තුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ මහින්ද මඩිහහේවා මහතා, පසුව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද දීර්ඝ කාලයක් සේවය අති දක්ෂ නිලධාරියකු විය. සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ (ETF) සහ ශ්‍රම වාසනා අරමුදලේ සභාපතිවරයා ලෙස ද මඩිහහේවා මහතා කළ සේවාව ප්‍රශංසනීය ය, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලයේ සම-ප්‍රධාන විධායක (Co-CEO) තනතුර මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ කාර්යයන් සම්බන්ධීකරණය කිරීමෙහිලා අරඹන ලද ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ද හේ ක්‍රියාකළේ ය.රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ වගකීම් දැරූ පරිපාලන නිලධාරියෙකි. අධ්‍යාපනික හා පර්යේෂණ: කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභා (Council Member) පත්කළ සාමාජික, ප්‍රථම කම්කරු කෞතුකාගාරයේ නිර්මාතෘ ආගමික හා සමාජ මෙහෙවර: මහරගම සාසන සේවක සමිතිය සහ අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපති වරයා ලෙස ද හේ කැපවීම් කළ බැතිමතෙකි. කම්කරු කෞතුකාගාරය සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය සුළුපටු නොවේ. ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසය, අරගලයන් සහ එහි වැදගත්කම අනාගත පරපුරට මෙන්ම මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ පර්යේෂකයන්ට හැදෑරීම සඳහා මෙරට ප්‍රථම 'කම්කරු කෞතුකාගාරය' (Labour Museum) ස්ථාපිත කිරීමේ පුරෝගාමී මෙහෙවර කරන ලද්දේ ද මහින්ද මඩිහහේවා මහතා විසින් බව ඔහුට ගෞරවයක් සඳහන් කිරීම වටී. කොළඹ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ (Council Member) සාමාජිකයෙකු ලෙස පත්වීම් ලද ඔහු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ද සිය අත්දැකීම් ලබා දුන්නේය. විශ්‍රාම ලැබීමෙන් පසුව ද කම්කරු සබඳතා, ත්‍රෛපාර්ශ්වික ගිවිසුම් (Tripartite Agreements) සහ ශ්‍රම අයිතිවාසිකම් පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වැඩසටහන්හි ප්‍රධාන දේශකයෙකු ලෙස කටයුතු මඩිහහේවා මහතා, ඊට අදාළ ග්‍රන්ථ හා පර්යේෂණ පත්‍රිකා රැසක් රටට දායාද කර ඇත.. ආගමික හා සමාජීය ක්ෂේත්‍රයන්හි ද කැපී පෙනෙන මෙහෙවරක නිරත වූ ඔහු, මහරගම සාසන සේවක සමිතියේ සහ අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙස දැඩි ලෙස අවවාද