උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසතියේ සටහන ගාල්ලේ සිට ලක්ෂයක පා ගමනක් කොළඹට 2026-08-150 ජගත් ගේ සතියේ සටහන - 130 22 පාර්ලිමේන්තුවට 18 ගෙනෙනවා අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වසරක් දෙකකින් දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන අඟරුවාදාට (18) වැනිදා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙයට සමගාමීව මහේස්ත්‍රාත්වරුන් දිසා විනිසුරුවරුන් හා මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වන, අධිකරණ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ද එදිනම ඔහු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂය, සිවිල් සංවිධාන හා අධිකරණ සේවා සංගමය ද පසුගිය මාස දෙකක පමණ කාලයක සිට මෙම විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව, ආගමික නායකයින් හමුවී කරුණු දක්වමින්, මාධ්‍ය හමු පවත්වමින් විශාල විරෝධතාවයක් පවත්වා සිටිනවා. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත, අධිකරණ ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු, එය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන අතර දින දාහතරක් (14) ඇතුළත ඕනෑම පුරවැසියෙකුට එම සංශෝධනයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඉඩ සැලසෙනවා. මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් රාශියක් ඉදිරිපත් කිරීමට, විපක්ෂය හා විවිධ සංවිධානය කටයුතු කරගෙන යන බවද වාර්තා වෙනවා. එම පෙත්සම් ලැබී දින 3 - දින 21 ත් අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා විභාග කොට තීන්දුව කතානායකවරයාට හා ජනාධිපතිවරයාට යැවීය යුතුයි. විපක්ෂයේ අරමුණ වී තිබෙන්නේ මෙම පනක් කෙටුම්පත ක්‍රියාත්මක කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීමට යැ යි ඒකාබද්ධ විපක්ෂයේ නායක වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. එහෙත් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශයක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, මේ සඳහා ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබාගත යුත්තේ, කුමන අවස්ථාවල දී ද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසූ තුන්වෙනි වගන්තියේ, පැහැදිලිවම දක්වා තිබෙනවා. ඒ අනුව රටේ නම, රාජ්‍යයේ ස්වභාවය, ජනතා පරමාධිපත්‍යය, ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය, බුද්ධාගමට හිමි තැන, ආගමික නිදහස, වධ හිංසා වලින් නිදහස් වීම, ජනාධිපතිවරයාගේ ධූර කාලය සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය හා සම්බන්ධ වගන්ති සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණ පැවැත්විය යුතු බව සඳහන් වෙනවා. එසේම ව්‍යවස්ථාවේ අසූ තුන්වෙනි වගන්තිය සංශෝධනය කිරීමට ද, කිරීමට ද ජනමත විචාරණයක් අවශ්‍ය බව එම වගන්තියේ දක්වා තිබෙනවා. මේ අනුව විපක්ෂය විසින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් ඉල්ලා සිටින්නේ, ව්‍යවස්ථාවේ කුමන ප්‍රතිප්‍රතිපාදන යටතේ දැයි දේශපාලන විචාරකයින් ප්‍රශ්න කරනවා. කෙසේ වුවද මෙම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කළ යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ, අයවැය ඉදිරිපත් කිරීමට නියමිත නොවැම්බර් මාසයට පෙර මෙම සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමටයයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය බදාදා පස්වරු එකට ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණා. ඊට පෙර නිතිඥ සංගමය එදින උදේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එම සංගමයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය, ලේකම්, හාණ්ඩාගාරික ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වුණා. මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, ජෙෆ්‍රි අලගරත්නම්, උපුල් ජයසූරිය, ලාල් විජේනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් විසි හතරක් ද, මෙම පිරිසට ඇතුළත් වුණා. සමස්ත අධිකරණ ක්‍රමයේම ගැටලු විසඳීමේ වෑයමක එක පුරුකක් නීතිඥ සංගමයට ජනපතිගෙන නෝක්කාඩුවක් සුහදව පැවැති මෙම සාකච්ඡාව ආරම්භයේදීම, ජනාධිපතිවරයා, නීතිඥ සංගමය එදින පෙරවරුවේ, නිකුත් කළ එම නිවේදනය ගැන සිය විරෝධය දැක්වූවා. "ඔබතුමාලා සාකච්ඡාව යොදාගෙන තිබිය දී අද උදේ නිවේදනයක් නිකුත් කළා. ඔබතුමාලා ආවේ යම්කිසි ස්ථාවරයකින්. මම මේ සාකච්ඡාවට එන්න සූදානම් වුණේ විවෘත මනසකින්. මේ නිවේදනයෙන් පසු මටත් ස්ථාවරයක් ගන්න සිදුවුණා "යයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේ දී නීතිඥ සංගමයේ මෙම සංශෝධනයට විරුද්ධ වන හේතු පැහැදිලි කළ අතර නිවාඩි හතළිහක් පමණ කරුණු දැක්වූ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමාගේ සහ රජයේ ස්ථාවරය හෙළිකළා. මෙහිදී ජනාධිපතිවරයා නීතිඥ සංගමයේ ප්‍රබලයින් මතු කළ තර්ක වලට දුන් පිළිතුරු වලින් පැහැදිලි වුණේ, ඔහු මෙම සාකච්ඡාවට පූර්ව සූදානමකින් පැමිණ සාටි බවයි. ''මේ වෙලාවේ මාතෘකාව වෙලා තියෙන්නේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන විතරයි. ඒ සම්බන්ධයෙන් ගන්නා තීරණය එක් පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරගෙන කරන දෙයක් නෙවෙයි. රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා තීරණයක්. මේකේ සමස්ත අධිකරණ ක්‍රමයේම ගැටලු විසඳීමේ වෑයමක එක පුරුකක් විතරයි. මෙය මගේ තනි කැමැත්තටම ගත් එකක් නෙවෙයි" ජනාධිපතිවරයා රජයේ ස්ථාවරයේ පැහැදිලි කළා. ජනාධිපතිවරයාගේ මෙම කතාව රූපවාහිනී, පුවත්පත් හා සමාජ මාධ්‍යවලින් ප්‍රචාරය වීමත් සමඟ මධ්‍යස්ථ අය ඇතුළු බොහෝ දෙනා එම කතාව අගය කරමින් අදහස් දක්වා තිබුණා. නීතිඥ සංගමයේ සාමාජිකයින්, එහි සභාපති ඇතුළු නිලධාරින්ගෙන් ප්‍රශ්න කළේ ජනාධිපතිවරයා සමග මොනවද කතා කළේ යනුවෙන්. මාධ්‍ය වලින් ජනාධිපතිවරයාගේ කතාව පමණක් ප්‍රචාරය වීම නිසා, නීතිඥ සංගමය ජනාධිපති මාධ්‍ය අංශයට ලිපියක් යවමින් ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී නීතිඥ සංගමයේ නියෝජිතයින් පළ කළ අදහස් ඇතුළත් සංස්කරණය නොකරන ලද වීඩියෝ පටය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. 22 ට එරෙහිව 18 වැනිදා විශාල විරෝධතා ව්‍යාපාරයක් ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියන් මහතා කළ කතාවේ වීඩියෝ පටය සංගමයට යවා තිබූ අතර අනෙක් සාමාජිකයින්ගේ කතා ඇතුළත් හඬ පටට පසුව එවන බව දන්වා තිබුණා. මේ අතර නීතිඥ රජීව් අමරසූරිය මහතා ඇතුළු නීතිඥ සංගමයේ පිරිසක් මේ දිනවලින් භූතානේ සංචාරයක් සඳහා ගොස් ඇති බවද වාර්තා වෙනවා. විනිසුරු විශ්‍රාම වයස වැඩිකිරීමට එරෙහිව විපක්ෂය ආණ්ඩුවට විරුද්ධව කඳවුරු බඳිද්දි ආණ්ඩුවද තමන්ට හිතවත් ජනවරමේ නීතිඥයෝ නම් නීතිඥ සංවිධානය හා තවත් පිරිස් එකතු කරගනිමින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට තිබෙනවා. මේ අතර 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, පර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 18 වැනිදා විශාල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට විපක්ෂය කටයුතු කරගෙන යන බව වාර්තා වෙනවා. පසුගිය දොළොස් වැනි දා සවස 'කම්බු ක්ලබ්' වෙත රැස්වූ විපක්ෂයේ පක්ෂ නායකයින් පිරිසක් මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද දැනගන්නට තිබෙනවා. ගාල්ලේ සිට ලක්ෂයක පා ගමනක් කොළඹට 22 වැනි සංශෝධනයට ගල්ලේ සිට කොළඹට පා ගමනක් සංවිධානය කිරීමටත්, එයට ලක්ෂයකට අධික පිරිසක් සහභාගි කර ගැනීමටත්, දොස්තර රාජිත සේනාරත්න, රෝහිත අබේගුණවර්ධන, ඩිලාන් පෙරේරා ඇතුළු විපක්ෂයේ තව පිරිසක් පසුගිය සතියේ රැස්වී සාකච්ඡා කළ බවත් එයට විපක්ෂයේ සියලුම පක්ෂවලට ආරාධනා කිරීමට තීරණය කළ බවත්, එම සාකච්ඡාවට සහභාගි වූ එක් දේශපාලනඥයෙකු අප සමග ප්‍රකාශය කළා. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ ආඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් ඉදිරිපත් වූ විට එම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැතැයි විපක්ෂයේ තවත් පිරිසක් මත පළ කරනවා. ''එය තමන්ට විරුද්ධ නඩුවක් තමන්ම අහනවා වැනි" යැයි ඔවුන් පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විභාග කිරීම ළබැඳියාව අතර ගැටුමක් නොවේදයි එක් පිරිසක් ප්‍රශ්න කරනවා. අධිකරණ ඉතිහාසයේ මීට පෙර මෙවැනි තත්ත්වයක් උද්ගත නොවූ බව පවසනය ජ්‍යෙෂ්ඨ නීතිවේදියෙකු පැවසුවේ, විසිදෙවැනි සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කෙරෙන පෙත්සම් 11 කුගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් විභාග කළ යුතු බවයි. - ජගත් - Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අප හා පැවති සාකච්ඡාවේ සංස්කරණය නොකළ වීඩීයෝ පටය ලබා දෙන්න