උණුසුම් පුවත්කාලීනදේශපාලන වසර 39කට පෙර පාර්ලිමේන්තුවට බෝම්බ ගහල ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළා ! 2026-08-180 අද 22 වැනි සංශෝධනය ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා - සජිත් අද පාර්ලිමේන්තුවේ දී කියයි වත්මන් රජය විසින් යෝජිත 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්ව ගණනාවක් කණගාටුව පළ කර ඇති බවත් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, එක්සත් ජාතීන්ගේ විශේෂ දූත නිලධාරිනිය සහ ජාත්‍යන්තර නීති ආයතන ඒ අතර සිටින බවත් මෙම පාර්ශ්ව මතුකර ඇති කරුණු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසී ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි. මේ ගෙන එන වෙනස්කම් ව්‍යවස්ථා සංශෝධන අධිකරණයේ නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් වසර 39කට පෙර අද වැනි දවසක පාර්ලිමේන්තුවේ බෝම්බ පුපුරවා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළා සේ අද 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන කාල බෝම්බයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. මෙය අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් 2025-12-31 වැනි දිනට මෙරට අධිකරණයේ විනිශ්චය කිරීමට ඇති නඩු ප්‍රමාණය, අධිකරණ ධුරාවලිය දක්වන ලෙසත්, ත්‍රෛනිකායික මහනායක හිමියන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය තුළින් අධිකරණයේ ස්වාධීනත්ව සම්බන්ධයෙන් මහජන විශ්වාසය පවතින්නේ අධිකරණයේ සැබෑ ස්වාධිනත්වය මත නොව කිසිදු සැකයකින් තොරව මහජතාව හමුවේ විද්‍යාමාන වීම මත නිසා විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම මෙම ස්වාධීනත්වය මුළින් උපුටා දමන බවත් රජය මේ අදහසට එකඟ වන්නේද නැද්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය. මේ තුළින් ලබැදියාවේ ගැටුමක් මතුවෙනවා එක්සත් ජාතීන්ගේ විනිසුරුවන්ගේ ස්වාධිනත්වය සම්බන්ධ විශේෂ ධුත නිලධාරිනියට අනුව මේ සංශෝධනය තුළින් ප්‍රතිලාභ ලබන විනිසුරුවන් විසින්ම මෙම සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය 121 වගන්තිය යටතේ තීරණය කිරීමේ දී මේ තුළ ලබැදියාවේ ගැටලුවක් මතුවන බවත් තමන්ගේ නඩුව තමන්ට ඇසිය නොහැකි මූලධර්මයට අනුව ගරු විනිසුරුවරයකුට නඩුවේ පාර්ශ්වකරුවන් සමඟ විෂය කරුණු සමඟ පෞද්ගලික සම්බන්ධයක් නොතිබිය යුතු බැවින් මේ ලබැදියාවේ ගැටුමක් මතුවන බවත් මේ සම්බන්ධයෙන් රජය එකග නොවීමට හේතු ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තෝරාගත් කොටසක් පමණක් සංශෝධනය එයට කරන හානියක් පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තෝරාගත් කොටසක් සංශෝධනය කිරීම එහි ගෞරවනීයත්යට හානි වන නිසා එවැනි ප්‍රතිසංස්කරණයකට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් අවශ්‍ය බව පවසන නිසා රජය මේ අදහසට එකග ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් රජය මේ පාර්ශ්වකරුවන් සමඟ විධිමත් සාකච්ඡා පවත්වා නැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. මේ සංශෝධනය සිදු කරන්න ජනමතවිචාරණයක් අවශ්‍යයි ලෝ ඒෂීයා සංවිධානයට අනුව මෙම යෝජනාව ප්‍රමාණවත් පූර්ව මහජන සාකච්ඡාවකින් සහ උපදේශනයකින් තොරව ක්ෂණිකව ගෙන එන පක්ෂග්‍රාහී ක්‍රියාවලියක් බවත් එය අධිකරණය සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිදවැටිය හැකි බවට ඉදිරිපත් කරන නිසා මේ සම්බන්ධයෙන් රජයේ මතය ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම ලබාදුන් විශේෂ තීරණයක් අනුව දැනට සේවයේ නිතර ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට අදාළව ගනු ලබන තීරණයක් හො ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අධිකරණයේ ස්වාධිනත්වයට බලපාන බැවින් ජනමතවිචාරණයක් අවශ්‍ය බව නියම කරන 3 වැනි ව්‍යවස්ථා උල්ළංඝනය කරන බවත් 83, 3, 4, ව්‍යවස්ථාවන් කියවන ලෙසත් මේවා කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. මේ සංශෝධනය ද්විපාර්ශ්වික ගිවිසුම්වලටත් බලපානවා ප්‍රංශයේ ජාතික නීතිඥ කවුන්සිලය 2026 ජුලි 3 වැනි දින සම්මත කරන ලද යෝජනාවක් මගින් ශ්‍රී ලංකාවේ සහ ප්‍රංශය අතර නීතිය හා අධිකරණය ක්ෂේත්‍රෙය් වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාවන්ට මෙය බලපාන බවට පෙන්වා දී ඇති බවත් රජය මේ ගැන දක්වන මතය ඉදිරිපත් කරන ලෙසත් මෙරට ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් නඩු කටයුතු වේගවත් වන්නේද නැත්නම් රජයේ මේ සම්බන්ධ ඇගයීම ඉදිරිපත් කරන ලෙසත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසීය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ගාල්ලේ සිට ලක්ෂයක පා ගමනක් කොළඹට Next Article විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීමේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි.