උණුසුම් පුවත්කාලීනදේශපාලනපරිසරයසාහිත්‍යය හා කලාවසෞඛ්‍යය

ගෙවුණු හවුරුදු පහ තුළ අලි මරණ 2353 ක්

අලිගහනය 7400 දක්වා ඉහළට

පසුගිය වසර පහක කාලය තුළ දී ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 2353 ක් ඝාතනය වී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය පවසයි.

එසේම එම කාලය තුළ ශ්‍රී  ලංකාවේ අලි ගහනය 7400 දක්වා වර්ධනය වී ඇති  බවත්, වැඩිම අලින් ප්‍රමාණයක් පොළෙන්නරුව වනජීවි කලාපයෙන් වාර්තා වන බවත්, එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක්  ප්‍රකාශ කළේ ය .

අලි මරණ වලට ප්‍රධාන හේතුව අලි - මිනිස් ගැටුම හා අනෙකුත් මානුෂීය ක්‍රියා කාරකම් බව සඳහන් කරන එම දෙපාර්තමේන්තුව, මේ වසරේ පළමු මාස හතේදී වාර්තා වී ඇති අලි මරණ සංඛ්‍යාව 204 ක් බවද පැවසේ.
වෙඩි තැබීම්, විදුලි සැර වැදීම්, හක්කපටස් පිපිරීම්, දුම්රිය අනතවලින්, වගා ළිංවලට වැටීමෙන්, විෂ ශරීරගතවීමෙන් හා වෙනත් අනතුරු වලින් මෙම අලි මරුමුවට පත්වී ඇතැයි ද වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය ප්‍රකාශ කරයි.
එමෙන් ම පසුගිය වසර 10 තුළ, ශ්‍රී ලංකව කිසිදු රටකට, අලින් පරිත්‍යාග කර නැති බව ද අනාවරණය වේ