උණුසුම් පුවත්කාලීනදේශපාලනවිනෝදාස්වාදසාහිත්‍යය හා කලාව මහා පුස්තකාලයක් තිබුණත් පාර්ලිමේන්තුවේ 2026-08-260 පොත් කියවන මැති ඇමතින් අඩු බව හෙළිවේ මැති ඇමැතිවරුන් ගේ පරිහරණය උදෙසා පවත්වා ගෙන යන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පුස්තකාලය ප්‍රයෝජනයට ගන්නේ මැති ඇමැති 225 දෙනා අතරින්, ඉතා සුළු පිරිසක් පමණක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි . පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ බිම් මහලේ සහ පළමු මහලේ, වර්ග අඩි 16000 ක පමණ භූමි ප්‍රමාණයක පවත්වා ගෙන යන, වායු සමීකරණය කරන ලද මෙම පුස්තකාලයේ, විමර්ශන අංශය, බැහැර දෙන අංශය හා පර්යේෂණ අංශය වශයෙන් කොටස් තුනකින් සමන්විතය. පොත් 34000 කින් යුත් මෙම පුස්තකාලයට 2020 සිට 2024 දක්වා කාලය තුළ රුපියල් ලක්ෂ 29 ක් වටිනා විවිධ වර්ගයේ පොත් 1472 ක් මිල දී ගෙන ඇත. පෙර පාරලිමේන්තුවල සිටි බර්නාඩ් සොයිසා, අනුර බණ්ඩාරනායක, එන්. එම්. පෙරේරා, ලක්ෂමන් ජයකොඩි, රිචඩ් පතිරණ, අගමැති අර්. ප්‍රේමදාස ආදි ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරු, සියකතා සකස් කර ගැනීමට පාර්ලිමේන්තු පුස්තකාලය භාවිතා කළෝය . එහෙත් වර්තමාන කාලයේ මැති ඇමැතිවරුන්, විරුද්ධ වාදීන්ට චෝදනා කරමින් ඔවුන්ගේ වැරදි දක්වමින් කතාකරනවා මිස, සාරවත් කතා ඔවුන් ගෙන් ප්‍රකාශ නොවන්නේ, පොත් පත් කියැවීමෙන් වැළකී සිටීම නිසා යැයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසී ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article කොළඹ විශ්ව විද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්භාෂණ සැසිය Next Article ගෙවුණු හවුරුදු පහ තුළ අලි මරණ 2353 ක්