චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් තුන මෙන්ම ගෝලීය පාලන මුලපිරුම තුළින් වඩාත් යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක් ලෝක ප්‍රජාවට හිමිවේවි!
ලෝකයට නව අවස්ථා ගෙන දෙමින් චීනය තවදුරටත් විවෘතවීමේ ප්‍රවණතාව අඛණ්ඩව දැකිය හැකි බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා පවසයි. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නව අවුරුදු පණිවිඩයේ සඳහන් අන්දමට චීනය ලෝකය වැළඳ ගන්නේ වඩාත් විවෘත ආකාරයෙන් බව පැවසීමෙන් එය වඩාත් තහවුරු වන බවද හෙතෙම කියා සිටී. අලුත් වන ලෝකයේ ආර්ථික පෙරගමන්කරු බවට ආසියාව ගෙනයාමට චීනය දරන විශාල ප්‍රයත්නයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙසට එය හැඳින්විය හැකිය. බහුපාර්ශ්වික වේදිකා මගින් චීනය එය මැනවින් සිදු කරමින් සිටී. චීනය දිගු කලක් පුරා ක්‍රියාත්මක කරන අන්‍යෝන්‍ය ජයග්‍රාහී අවස්ථාවන් ඉන් තවදුරටත් පුළුල් වනු ඇත. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට එය විශේෂයෙන් වැදගත්ය.
චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් තුන මෙන්ම ගෝලීය පාලන මුලපිරුම තුළින් වඩාත් යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැංවීමට ජගත් ප්‍රජාවට නව අපේක්ෂාවක් ගෙන දෙන බවද හෙතම පැවසීය. චීනය 15වන පස් අවුරුදු සැලසුම මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී. ඉන් චීනයේ නව ඉලක්ක මෙන්ම ආර්ථික දිශාවද ලෝකය හමුවේ ඉදිරිපත් වනු ඇතැයිද මහ ලේකම්වරයා සඳහන් කරයි.
නව නිපැයුම් සහ නව්‍යකරණයන් ඔස්සේ ඉදිරියට යන චීනය ඉදිරි කාලය තුළදී ද ස්වයං සංවර්ධන හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගනු ඇතැයිද වෛද්‍ය වීරසිංහ මහතා පැවසී ය.
ජපානයේ න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමේ උත්සාහය වැළැක්වීමට පෙළගැසීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකමක්

