උණුසුම් පුවත්කාලීනක්‍රීඩා ජනපති යි ක්‍රිකට් පරිවර්තන කමිටුව යි අතර හමුවක් 2026-07-270 ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේදි මුහුණ දෙන ගැටලු සහ අභියෝග ගැන කතාබහ වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමේදි මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි දායකත්වය හා සහයෝගය පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න සහ එහි සෙසු සාමාජිකයින් වන රොෂාන් මහානාම, අවන්ති කොළඹගේ, උපුල් කුමාරප්පෙරුම, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුණි, ඩිනාල් පිලිප්ස් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article CARAT – 2026 ද්වීපාර්ශ්වික අභ්‍යාසය ත්‍රීකුණාමලය සාම්පූර් හීදී Next Article විසිහතර පැයකට වඩා වැඩි නම් ඔබේ දරුවා වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගන්න