ජූ ලි 27 සිට 31 දක්වා
2026 වර්ෂය වෙනුවෙන් එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය සහයෝගීතාවය සහ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලබන Cooperation Afloat Readiness and Training 2026 (CARAT- 26) ද්වීපාර්ශ්වික අභ්‍යාසය අද දින (2026 ජුලි 27) නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය සාම්පූර් හීදි ආරම්භ විය. 
CARAT– 2026 ද්වීපාර්ශ්වික අභ්‍යාසය, 2026 ජුලි මස 27 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී, Snake handling demonstration, OPSO Syn, Cyber security, Dive and Salvage, VBSS, EOD, MDA, Medical SMEE, DIVTACS, RASAPP & SKBDL, LIVE FIREEX & CRAA, CASEVAC, SAR, PHOTOEX, Boarding, VBSS & HVBSS යන කාණ්ඩ යටතේ න්‍යායික සහ ප්‍රායෝගික අභ්‍යාස ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකාය, නාවික පාබල අංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඇමරිකානු මැරීන් බලඝණය එක්ව සිදුකිරීමට නියමිතව ඇත.
තවද, මෙම අවස්ථාවට චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් අමල් පෙරේරා, වැඩ බලන ධජ නිලධාරී නාවික දියත් විධානය කොමදෝරු ධනේෂ් පත්බේරිය, අධ්‍යක්‍ෂ මැරීන් කොමදෝරු සංජීව කොඩිකාර සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ Deputy Commander, Expeditionary Strike Group SEVEN / Amphibious Force, SEVENTH Fleet / Task Force 76 කපිතාන් Michael J. Messenger ඇතුළු දෙරටේ හමුදා පුද්ගලයින් පිරිසක්ද සහභාගි විය.

