ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනදේශපාලන

ජනපති හා නීතිඥ සංගමයේ සාකච්ඡාවක් හෙට (12) දහවල් එකට

මේ සාකච්ඡාවෙන් පසු??????!!!!

විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ ව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා විසින් හෙට නීතිඥ සංගමයේ නියෝජිතයින් හා සාකච්ඡාවක් පැවැත් වේ.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව සිය විරෝධය පළ කරමින් නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරන ලදි. ඊට පෙර අධිකරණ ඇමතිවරයාට ද නීතිඥ සංගමය සාකච්ඡාවක් සඳහා යොමු කරන ලද ලිපියක් යොමු කරන ලද අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඇමති හර්ෂණ නානායක්කාර මහතා ඔවුන් හා සාකච්ඡාවක් පවත්වන ලදි.

ආණ්ඩුව විසින් විශ්‍රාම වයස දිගු කරන්නට ගෙන ඇති තීරණය හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය හානි වනු ඇතැයි පවසන නීතිඥ සංගමය මෙන් ම අධිකරණ සේවා සංගමය විසින් ද විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විරෝධය දක්වන ලදි. එමෙන් ම විපක්ෂය ප්‍රමුඛ තවත් සංවිධාන ගණනාවක් ආණ්ඩුව විසින් උක්ත කරුණ සම්බන්ධයෙන් කෙරෙන 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වයි.