කොන්ත්‍රාත් පදනම මත සේවය කරනා සේවකයින් ස්ථීර කිරීමටත් පියවර අරන්
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරනු ලබන තාක්ෂණ නිලධාරින්ගේ කාර්යාක්ෂමතාව සහ සේවක අභිප්‍රේරණය වැඩි කිරීමේ අරමුණින් තාක්ෂණ නිලධාරීන් වෙත පවරා ඇති රාජකාරීවල දී, තම ක්ෂේත්‍රය තුළ රාජකාරී කටයුතු ඉටු කරනු ලබන අවස්ථාවන්වල දී පමණක් ඔවුන් වෙත ගෙවනු ලබන සංයුක්ත දීමනාව දින දහයක උපරිමයකට යටත්ව ගෙවීම කිරීමටත්, දුරකථන දීමනාව රුපියල් 1,875ක් ද, ආයතන සංග්‍රහයේ 1වන කාණ්ඩයේ XIV වන පරිච්ඡේදයේ 8.2 උප වගන්තියේ සඳහන් සැතපුම් කුලී ගාස්තු ප්‍රමාණයන් සංශෝධනය කිරීමට අදාලව 2026.04.09 දිනෙන් යුතු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2026 අනුව ඉන්ධන දීමනාව කිලෝමීටරයකට රු 10ක් බැගින්ද ගෙවීම් කිරීමට කටයුතු සිදු කර ඇත. එමඟින් නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කළ තාක්ෂණික නිලධාරීන් හට කලක් තිස්සේ තිබූ උසස්වීම් සහ දීමනා සම්බන්ධ ගැටළු රැසක් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබී ඇත.
තව ද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 11/2026 අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දෛනික හා කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන සේවකයින්ගේ පත්විම ස්ථීර කිරීමට කටයුතු කරමින් පවතින අතර ඉදිරියේ දී එහි පවතින අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් පිරවීමට ද කටයුතු සැලසුම් කර ඇත.
