උණුසුම් පුවත්කාලීනපරිසරයසාහිත්‍යය හා කලාව

ජාතියේ මහා ගීත රාජිනිය සෙනසුරාදා දැයට සමුදේ

දැයක් සැනැහූ ඈ ඉතා ම චාම් අයුරින් දැය ම හඬවමින් නික්ම යාම ඇගේ සිතැඟි පරිද්දෙන් ම යි

ආගමික වතාවත් පමණි.

ගුණකථන නෑ.

සෝකප්‍රකාශ නෑ. 

තමන්ගේ අවසන් කටයුතු කළ යුතු අයුරු නන්දා මාලිනිය ඇගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් කර තිබෙනවා. ඉතින් අපි හැම කෙනෙක් මත් පවුලේ සාමාජිකයින් සියලු දෙනාත් ඒ අන්තිම කැමති පත්‍රයේ තිබෙන විදියට තමයි කටයුතු කරන්නේ. 

යනුවෙන් මහැදුරු සුනිල් ආරියරත්න මහතා මාධ්‍යය හමුවේ පවසනු ලැබිණි. ඒ අපෙන් වෙන්ව යන නන්දා මාලිනියගේ පවුලේ ඇත්තන් ගේ එකඟතාවය පරිද්දෙනි.

එහි අන්තර්ගත කාරණා අනුව හෙට සික=රාදා උදේ 10. 00 ට නන්දා මාලිනී මහත්මියගේ දේහය ඇය පදිංචිවෙලා හිටිය අංක නාවල පාර අංක 20 විජයබා මාවත නන්දා මාලනී සංගිතාඝ්‍රමයට ගෙන එනවා. ඊට පස්සේ ඇයගේ දේහය සෙනසුරාදා පස්වරු 3. 30 දක්වා මහජන ගෞරව සඳහා නිවසෙහි ම තැන්පත් කරනවා. බොහෝ දෙනා ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි එහෙම කරන්නේ කියා. ඉඩකඩ තියෙන තැනකට ගෙනියන්නෙ නැත්තේ ඇයි කියා. ඇය කියල තියෙන්නේ මගේ නිවසින් පිට මගේ දේහය ගෙනියන්නෙපා කියලා. ඇය කියල තියෙනවා චාමි විධියට ඒ කටයුතු කරන්න කියා. ඒක නිසා අපි තීන්දු කළා මේ පවුලේ හැම දෙනාම අනිද්දා සෙනසුරාදා පස්වරු 3. 30 ට නිවසින් රැගෙන ගොස් බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේ තමයි කටයුතු කරන්නේ මොනම විදියකින්වත්  උත්සව සභාවක්, කතා පැවැත්වීමක් සෝදප්‍රකාශ කියවීමක් ඒ කිසිම දෙයක් නෑ. ඒක එතුමියගේ ඉල්ලීම. ඉතින් අපි ඒ ඉල්ලීමට පිටුනොපා අවමංගල සභාවක් නොපවත්වා හවස 5. 00 ට ඉතාම චාම් විදියට අවමංගල කටයුතු කරන්නට තීරණය කරලා තියෙනවා.

ආගමික වතාවත් සෙනසුරාදා උදේ 10 . 00 ට නන්දා මාලිනී ආශ්‍රමයේ දී පැවත්වෙන බව ද මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කළේ ය.