උණුසුම් පුවත්කාලීනපරිසරයසාහිත්‍යය හා කලාව

නන්දා මාලිනිය වෙනුවෙන් තෙදිනක ජාතික ශෝක දිනයක්!

සුවහසක් දනන් හා එක්ව හෙළදිව සොව!

'ජාතියේ යශෝරාවය' නමින් විරුදාවලිය ලත් විශාරද නන්දා මාලිනී  මහත්මියගේ අභාවය වෙනුවෙන් රජය විසින් තෙදින ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අද (21) හෙට (22) හා අනිද්දා (23) දිනයන් හි ය.

හෙට පෙරවරු 10 . 30 ට ආගමික වතාවත්වලින් අනතුරුව පස්වරු 5. 00 ට බෙරැල්ල ආදාහනාගාරයේ දී දිවංගත හෙළයේ මහා ගීත රාජිනියගේ ආදාහනය කෙරෙන්නේ කිසිදු ආකාරයක ගුණකථනයකින් තොරව ඉතා චාම් අයුරිනි. නන්දා මාලිනියගේ දේහය ඇගේ නන්දා මාලිනී ආශ්‍රාමයේ සිට රිය පෙරහැරකින් ආදාහනාගාරය වෙත ගෙන ඒමෙන් පසු ආදාහන කටයුතු සිදු කෙරෙනා බව ඇගේ පවුලේ නෑ හිතවතුන් වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ ය.

 අපේ ජාතියේ මහා ගායිකාවෙනි!

 ඔබට නිවන් සුව!!!